01 chapter - Story entering

119 9 72
                                    

𝙰𝚞𝚝𝚑𝚘𝚛'𝚜 𝚙𝚘𝚟...
A year later....

??-:"ඔයාලාට තේරෙනවා නේද??"

??-:"yep mia "

Mia-:"හරි... ඔයාලාට දැන් වෙබ්ටූන් අදින්න පටන් ගන්න පුලුවන්..."

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

??-:"ලෝකයෙන් යමු ආයේ ඉපදෙමු කොතැන හරි සතුටින් ඉන්න පතා මගේ ජීවිතේ ලබන මතු බවේ ආයි මේම වෙන්න එපා... ~~~🎵"

??-:"ආහ්... කෙල්ලෙක්ට ලයින් දැම්මාද? ආයේ එන්න එපා මගේ පස්සෙන් අනේ පනේ සීන් එකෙන්.. මගුල... බලනවා අයිසේ... හැමෝම හොදට ඉන්නවා... ඔයා විතරක් ශිට්... ඊයේ ගුටි කාගෙන අද කෙල්ලෙක්ට ලයින් දාලාද කොහේද බූට් සින්දු කියනවා... හෙට මොනවා ද කරන්නද ලෑස්තිය Choi Beogmyu??"

Beogmyu-:"ඔයා.. කොහොමද ඒම හිතුවේ... වෙන කෙල්ලෙක් දිහා ඇහැක් ඇරිලා බැලුවේ නෑ රත්තරං... Yeonjun කියහන්කෝ"

Minah-:"එක ඇහැ ඕන නෑ ඇස් දෙකම අරින්න  ඇති.. "

Beogmyu-:"උදව් කරපල්ලා"

Yeonjun-:"මගේ එක්කෙනාවවත් හරියට සෙට් කරගන්න බැරිවුණ එකේ උඹේ එකාට කොහොම කියන්නද??"

ආහ්... මේ අපේ Moa magic book shop එකේ authors ලානේ... ඒත් මේ රෝමියෝ ජුලියට් වාගේ හිටිය මේ අයට මොකද වුණේ??? ඇස්කටවහක් වැදුනාවත්ද??. ඒ ගැන හිතේ තියාගෙන
නැවතත් කතාවට...

Minah-:"ඒම නම් මොන මගුලටද ඒ කොල්ලෝ එක්ක ගහගන්න ගියේ ඔය තුන්දෙනා... චොයි කියන නම තියෙන අය ඕමමද??"

Jiyun-:"කියලා වැඩක් නෑ මිනී... එතකොට මෙච්චර ඉවසීමෙන් වැඩ කරන සූබීන් මොකක්ද ඒ කරපු වැඩේ කියනවාකෝ"

Yeonjun-:"මැණිකේ මං කියන දේ අහන්න... අපි කොහොමද අපි ආදරේ කරන කෙල්ලට ඒම විහිලු කරද්දී අහගෙන ඉන්නේ?"

Minah-:"ඒ වුණාට ඔබතුමන්ලා හිතුවාද ඔයාලාට මොනවාහරි වුණොත් අපිට කොච්චර දුක හිතෙයි  ද කියලා... එයාලා ගාව ගන්ස්ත් තිබුණා... "

Seoyeon-:"කියලා වැඩක් ඔයාලාට... අපි ගැන හිතනවානම් ආයි මේ වාගේ විකාර වැඩ වෙන්න බෑ... බලන්න ඔයාලාට කොච්චර තුවාල වෙලාද කියල "

සෙයොන් සුබින්ගෙ කම්මුල අතගාන ගමන් දුකින් කිව්වා... මේ අවස්ථාවේ මට දුක තියෙන්නේ මේ තුන්දෙනාට ගහපු කොල්ලෝ ගැන... 🥲 කිවිසුම් යනවා ඇති 🤣

Cursed Vampire Princess Of Midnight : Secret criminal operation [complete] Where stories live. Discover now