5

19 3 7
                                        

''hi my swee....''

''යිබෝ... ෆෝන් ආන්සර් කරන්න පරක්කු වුනේ ඇයි කියනවා''

''මේ... මේ... මන් චාන් මේ...''

''ඇයි බොරුව ගොතාගන්න වචන එන්නේ නැද්ද...''

''අනේ චාන් ඇයි මැණි....''

''මේ යිබෝ...ඔය සීනි බෝල වචන දාල මව තම්බන්න එන්න එපා...තමුන් දන්නෙම නෑ ඇයි කියල, දන්නෙම නෑ...''

ඔය පත්තුවෙලා තියෙන්නේ සෝක් එකට.උදේ පන දෙන්න කතා කරපු එකා දැන් මරාගෙන කන්න හදනවා. එහෙන් පපා මෙහෙන් මෙයා මන් තමයි දෙපැත්තෙන්ම තැලෙන්නේ.පපාත් ඉන්නවා හිනා වේවි..මන් ෆොන් එක කනේ තියාගෙනම පපාට ඔරවද්දී එය ෆෝන් එක අරන් ස්පීකර් ෆෝන් දැම්මා...

''කතාකරනවා යිබෝ...මොනවට හේතු හොයාගන්න බැරි උනත් ඊයේ කරපු ඒවා ගැන මට කියන්න හේතු ඕනේ තරන් හොයාගෙන ඇතිනේ නෙහ් ...''

එයා බෙරිහන් දෙනවා...හැම දේම එකින් එක එයා මේ වෙද්දී දැකලා කියල එයා කතා කරන විදියෙන් කියන්න පුළුවන්..මේ සැරේ නං ලේසි වෙන්නේ නෑ යිබෝ.මේ කීවෙනි පාරද අහු වුනේ..කලින් සැරවල්වල නං වැඩිම උනොත් සතියයි තරහ වෙලා හිටියේ..අද නං බේරිල්ලක් නෑ වගේ...

මන් දැන් කරකියාගන්න දෙයක් නැතුවම මගේම හිතත් එක්ක වචන අහුලද්දී පපාත් දැම්ම නොන්ඩියට හිනාවක් දැන් උබට සැපද අහන්න වගේ.

''චාන්..චාන්...අහන්නකො එක පාරක් මන් කියන්නම් ඔයාට....''

''නෑ mr.yibo තමුන් මුකුත් කියන්න ඕනේ නෑ දැන්...මන් ඔක්කොම අහගත්තා. ඔක්කොම දැක්ක මන්.තමුන්ට මාව හම්බෙන්න තමයි වෙලාවක් නැත්තේ නෙහ්..club වල ගෑනුන්ගේ ඇගවල් උඩ නටන්න නං ඕනේ තරන් වෙලා තියනවනේ. අර ටානියා ඇඹරි ඇඹරි කිව්වේ මාත් එක්ක ''

''ට ටානියා ...එ එයා මොකටද ඔයාට කතා කරේ..''

''ඇයි..කතා කරන්න බැරිද. ඔයාට එකී වඩාගෙන නටන්න පුළුවන් නං මන් කතා කරාම මොකද..මමයි ඒකිට කෝල් කරේ.තමුන්ගේ සංදර්ශනේ ඒකි දාල තිබ්බේ FB එකේ...එකේ වගතුග අහගන්න මන් කතා කරේ....''

flash back

zhan's pov

''මෝඩයෝ... ඒ කියන්නේ .. අන්න අක්ක දැනගෙන කියල. කෙටියෙන් කිව්වහම හිතන්න මොලයක් කියල නාමයක් නෑ''

Loving from a distanceWhere stories live. Discover now