'xiao xiao... මොන සිහියෙන්ද ඉන්නේ මෝඩයෝ ... flowers ටික bench එක උඩම තිබ්බොත් හරි නැත්තන් එහෙම... 'හිතෙන් තමන්ටම බැන බැන bench එක ලගට දිව්වේ අද උදෙන්ම තමන්ගේ අනාගත සහකාරයාගෙන් හම්බුන මල් පොකුර කවුරුත් දකින්න කලින් කාමරයට අරගෙන යන්න තියන හදිස්සියට .
''කෝ.....ආයිෂ්....කෝ ඒ ටික ....., ආ.. car එක පිටිපස්සේද දන්නේ නෑ ''
අය්යෝ එතනත් නෑ දෙයිනනේ....දැන් ඉතින් සක්රයා ලග තිබ්බත් හොයාගන්න එපාය sh*t''
xiao ආපු කේන්තියට බංකුවේ කකුලටකත් හයියෙන් පයින් ගහල එයාම ''අනේ මගේ අහිංසක කකුල මේවට පලි නෑ'' කියල කකුලත් තමන්ම අතගානගමන් ආයෙම ගෙදර ඇතුලට ගිහින් sofa එකේ ගුලිවෙලා ඉදගෙන phone එකට එබුනේ මූනත් රෝදෙකට අහුවුණ කජු ලෙල්ල වගේ කරගෙන
''දිදී ඇයි මැණික දුකෙන් ඉන්නේ ... මොකක් හරි ප්රශ්නයක්ද?''
ගෙදර ඒ මුල්ලේ ඉදල මේ මුල්ලටයි මේ මුල්ලේ ඉදල ඒ මුල්ලටයි ඇවිදින ගමන් ගෙදර බඩු අස් කරන ගමන් කාර්යබහුල වෙලා හිටපු yanlin එහෙම ඇහුවේ , xiao phone එකේ එල්ලිලා හිටියත් වෙන සිහියක මූනත් නාලු කරගෙන ඉන්නවා දැක්ක නිසා.
අක්ක අහපු එක මොකක්ද කියල xiao ගේ මොලේ අදුරගන්න පරක්කු වෙනකොට,
''ආ මොකද්ද ? අහ් ඔ-ඔව් ආහ් නෑ නෑ අක්කේ මුකුත් නෑ''
කියල මෝඩ පහේ හිනාවක් දානකොට yanlin දන්නවා මූ මොකාටද එන්න හදන්නේ කියලා.ඒත් yanlin සද්ද නෑ .
''නැත්තන් කමක් නෑ ,මන් ඒත් බැලුව මොකද කියල ''
''හ්ම්ම්....''
''අක්කේ.... අපි උදේට කන්නේ නැද්ද අප්පා..... බඩගිනි ... ඔයාට ඉවසන් ඉන්න පුළුවන් වුනාට මගේ බන්ඩිය අඩනවා ඒ.....යි....''
''මේ බලන්නකෝ කෑමත් හදල බෙදලත් දීල උදේ ඉදල පැය ගානක් කතා කරලත් සතේකටවත් ගණන් ගන්නේ නැතුව ඉදලා... කාල යන්න කිව්වම ගිහින් ඇවිල්ල කන්නම් කියල ගේට්ටුවෙන් එලියට ඉගිලිලා දැන් ඇවිල්ල මෙතන මට බනිනවා''
'මදෑ කොලා ඔය අහගත්තෙ , මට අමතකත් වුනානේ එහෙම එකක් .ඇත්තටම මොන ලෝකෙද මන් ඉන්නේ'
''අනේ අක්කේ.... මට අමතක උනානේ.... sorry හොදේ.ඔයා ඉතින් කොච්චර මහන්සි වෙනවද මේ නෙලුම් පෙති වගේ අත් වලින් හැමදාම උයන්න ගෙදර වැඩ කරන්න නේද .... පවු අනේ ඔයා. ඔයා ගැන මට හරි දුකයි අනේ....''

KAMU SEDANG MEMBACA
Loving from a distance
Cerita Pendekකොච්චර දුරට ගියත් අපි හිතේන් ලං වෙලා ඉමු . මොන දේ වුනත් මන් මගේ xiao වත් මගේ පැටවූ දෙන්නවත් අතාරින්නෙ නැ .මන් පොරොන්දු වෙනවා . මන් ඒක දන්නවා yibo . මට ඔයාව විශ්වාසයි , මගේ පනටත් වඩා .