අනේ අනේ මයේ චූටි දිදී බොරුවක්වත් කියාගන්න දන්නවද ඔයා ආ ....?''
''අ..අ..අක්කේ.. එ..ඒත් ම..මන් මේ කියන්.....''
මෙච්චර වෙලා kitchen එකේ දොරට හේත්තු වෙලා කතා කර කර ඉදල කතාවත් නවත්තල එයා අඩියෙන් අඩිය මන් ලගට එද්දී කටෙන් එලියට පනින වචනත් ගොත ගැහිලා කියන්න ඕනේ මොනවද කියලත් අමතක වෙද්දී මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහුන ... අක්ක ඉස්සරහදි මීට කලින් කිසිම දවසක මෙහෙම හැගීමක් දැනිල නෑ .
මන් කොච්චර බය වෙලා හිටියත් මට කොච්චර වචන පැටලුනත් අක්ක ලගට එන නතර කරෙත් නැ මගේ අස් දිහා බලාගෙන හිටපු එක නතර කරෙත් නැ .ටිකෙන් ටික ටිකෙන් ටික මගේ ලගටම ඇවිත් අක්ක කරේ මන් හිතකින්වත් හිතපු නැති දෙයක් වෙද්දී මන් ගොත ගගහ හරි කිය කියා හිටපු එකත් නතර වුනේ මොකද වෙන්නේ කියල හිතාගන්න බැරි වෙද්දී . එයා මාව බදාගෙන. මන් බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි. කීයටවත් නෑ . ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ. අනේ ඔහොම ඉන්න එපා . මට බනින්නකෝ... කෑ ගහන්නකෝ ... ඇයි දිදී ඔයා මට මේවා හැන්ගුවේ කියල කෑ ගහල බැනල අහන්නකො...
''අක්කේ! අ-අක්කේ මොකද මේ ?''
තප්පර ගානක් මාව බදාගත්ත විදිහටම හිටපු එයා මන් කතාකරහම පුලුවන්තරන් හෙමින් මගේ ගෙල වටේ ඔතාගෙන හිටපු අත් ලිහුවේ මගේ ඇස් දිහා ආයෙත් බලන ගමන්. මගේ පිටුපස ගෙලෙන් ඉස්සරහට ඇදිල ආපු අක්කගේ අත් දෙක නතර වුනේ මගේ කම්බුල් දෙක උඩ වෙද්දී මන් ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන්. එයාගේ ඇස් දෙක දිලිසෙනවා.හැබැයි බලපු ගමන් තේරෙනවා ඒ දුකට නං නෙවෙයි කියල. මොකද්දෝ ලොකූ..... කියාගන්න බැරි හැගීමක් එක්ක බලාපොරොත්තු ගොඩක් ඒ ඇස්වල තිබුන කියල මට තේරෙනකොට එයා ඇස් දෙකෙන් මට හිනාවෙනවා කියල මට තේරෙනකොට ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන මම අයෙත් එයාට කතා කරා
''අක්කේ....''
කිසි උත්තරක් නෑ . ඒත් මන් කතාකරාට පස්සේ මෙච්චර වෙලා මගේ ඇස් දිහා බලාගෙන හිටපු එයාගේ ඇස් යොමු කලේ මගේ නනලට. ඒත් එක්කම මගේ කොපුල් වහගෙන තිබුන අත් දෙක මගේ කන් දෙකට ටිකක් උඩින් වෙන්න අල්ලලා මගේ ඔලුව පාත් කරගත්තේ අක්කගේ දෙතොල් මතට වෙද්දී තාමත් කිසි දෙයක් හිතාගන්න බැරි මම කිසිම දෙයක් නොකියා හිටියේ එයාම මට කතා කරනකන්.
KAMU SEDANG MEMBACA
Loving from a distance
Cerita Pendekකොච්චර දුරට ගියත් අපි හිතේන් ලං වෙලා ඉමු . මොන දේ වුනත් මන් මගේ xiao වත් මගේ පැටවූ දෙන්නවත් අතාරින්නෙ නැ .මන් පොරොන්දු වෙනවා . මන් ඒක දන්නවා yibo . මට ඔයාව විශ්වාසයි , මගේ පනටත් වඩා .