4

13 4 2
                                    

yibo's pov

''අම්මේ...මන් ගෙදර ආවෝ....''

අම්මෝ මහන්සි. ගිය සතියේ චාන් හම්බෙලා ආවට පස්සේ මන් ගෙදර එන්න ඇත්තේ උපරිම හතර පාරක් විතර. එකත් දවස් දෙකක් විතර රෑට නෙවෙයි දවල්ට විතරයි. එයා ඉතින් කෝල් කරලා මට අරව මේවා කිව්වට මන් බිසී නෙහ්.

ජොබ් එකක් කරනවා කියල නං නෙවෙයි.ඇත්තටම මට තාම ජොබ් එකක් නැනේ.එහෙමයි කියල මේ මට වෙන වැඩ නැත්තේ නැනේ.වෙන පවුලක එහෙම නං වේ වෙද්දී ජොබ් එකක් නෑ කියන්නේ ගෙදරිනුත් එලියට දාල .මට එහෙම ප්‍රශ්නයක් නැත්තේ මගේ පාපාට මන් වෙනුවෙන් වියදම් කරන්න ඕනේ තරම් සල්ලි තියන නිසා. එයා බීජින් වල ලොකු බිස්නේස්මෑන් කෙනෙක්. මමා නං ගෙදර ඉන්නේ. මට ඉතින් එහෙමයි කියල එයාලට  බරක් වෙලාම ඉන්න උවමනාවක් නෑ. ඒත් මට ඉවර කරගන්න වැඩ වගයක් තියනවා army එකට යන්න කලින්.අම්ම නං කිසි කැමැත්තක් න මන් එකට යනවට. නිතරම මතක් කරනවා මගේ අයියව මන් හමුදාව ගැන කියවන හැම වෙලාවකම. මට තාම මතකයි එයාව ඒ තිරිසන්නු මගෙන් උදුර ගත්ත විදිය.මට තාත්ත කෙනෙක් වගේ හිටපු එය අන්තිමට ලේ විලක් මැද වැටිලා හිටපු විදිය. මට මතකයි මන් හොරෙන් බලාගෙන හිටිය. මට මතක එහෙම්මම මගේ ඇස පිය වුන විතරයි. යන්තමට මතකයි මාව කවුරු හරි උස්සගෙන කලබලෙන් දිව්වා කියල. ඒත් ඒ පැය ගානකට පස්සේ.

ඒ යුරෝපියන්ලා. අපේ රටේ හිටපු අහිංසක මිනිස්සු තැන් තැන් වල මරලා දැම්මේ උන්ගේ බලය පෙන්නන්න වෙද්දී උන් මගේ අයියව මැරුවේ වෙන හේතුවකට කියල දැන ගත්තේ මේ ලගදි .එකත් කුවාන් ගා ගෙන්. එය තමයි මගේ අයියට පනට පන දීගෙන හිටපු එකම යාළුවා වෙද්දී. මමත් එයාගෙම මල්ලි කෙනක් වුණා . අදටත් මන් එයාව දකින්නේ මගේ පපාටත් වඩා මට ළග කෙනෙක් විදියට. මන් පස්සේ දැනගත්ත මාව එදා අරගෙන දුවල තියන්නේ කුවාන් ගා කියල.

මේ ඔක්ක්කොම ඔලුවේ මගේ ඔලුවේ කැරකෙද්දී තමයි තේරුනේ ගෙදරටත් දන්නෙම නැතුව අවිල්ල කියල. අම්මට කතා කරපු මම බැග් එකත් පුටුවට විසි කරලා යන්න හදද්දිම ඇහුනේ කාලෙකට සැරයක් මේ ගේ ඇතුලෙදි අහන්න පුළුවන් හඬක් . එකත් මහා හයියෙන් වෙද්දී මන් එහෙම්මම නතර වුණා .

Loving from a distanceWaar verhalen tot leven komen. Ontdek het nu