දෙවන දිගහැරුම🍂

26 6 0
                                    

"දැන් එතකොට ඔය කොල්ලා උබව අද දැක්කද?

"නෑ නෑ බන් එයා ගියේ ඉස්සරහා බලාගෙන තව කෙනෙක් එක්ක.මට තියන පුදුමෙ බන්!මෙච්චර කල් අපි දෙන්නම ඉදලා තියෙන්නෙ මේ ඉස්කෝලෙ වෙලත්,මන් එයාව දැක්කෙ අදමයි"

"ඒක දෛවය බන්!හරි දැන් උබ හිතනවද ඔය කොල්ලා ඉස්කෝලෙදි උබව දැක්කොත්! උබව අදුරගනීද?නැත්තම් අදුරන්නෙ නෑ වගේ ඉදීද?"

"අනේ මන්දා බන්"

"අන්න ඒකනෙ බන්,මට ශුවර් ඕකා දැන් උබව අදුරන්නෙත් නෑ වගේ ඉදී......ඔහොම තමා බන් කෙල්ලෙක් ගෙයින් එලියට බැස්සොත් ඉතිම්,ඔය එකේක එවුන් මටත් අනන්තවත් ඔය වගේ උන් හම්බෙලා තියේ ටවුන් එකේදි!
ඇස් දෙකෙන් ටෝක් වෙච්ච!ඒත් උන් ආයෙ ජීවිතෙට මට හම්බුනෙත් නෑ හම්බුනත් අදුරන්නෙ නෑ වගේ යනවා"

"මටත් ඕන තරම් ඒ වගේ මිනිස්සු හම්බෙලා තියෙ ඒත් මේක වෙනස්!එයා අනිත් මිනිස්සු වගේ නෙවෙයි බන්!"

"උබට නම් පිස්සු බන්!අනික බන් ඔය එලවලු කොල්ලා ඔය කඩේට එන තව කී දෙනෙක්ට ඔහොම කරන්න ඇතිද?අහ්හ්හ්හ්හ්හ්!"

ඒකත් ඇත්ත තමයි!සනා කියන දේවල් වලත් වැරැද්දක් නැති නිසා මන් පාඩුවෙ හිටියා.

අපි දෙන්නා ඉක්මනට ඉක්මනට ගෙදර ගියේ..අදත් මහ වැස්සක් අත ලග නිසා.

"පරිස්සමින් ගෙදර යන්න පැටියෝ......"
"හරි සනා! දුවලා යන්න ඔයා තෙමෙයි"

එයාට එහෙම පාරෙදිම සමුදීලා,මාත් ඉක්මනට ගෙදර ආවා.......

ඔව්!වහිනවා......
අදත් එදා වගේම තමයි.

_______________________________________

NEXT DAY🍂

"උබ විද්‍යාව අර අභ්‍යාසෙ කරාද බන්?"

"ඕඕඕඔ දෙකේ තුනනෙ!කරා කරා!අහ්හ්හ්හ් මේ තරූ මට සනා කිව්වා විස්තරේ මට පෙන්නපන්කො ඒ කොල්ලව!බලමු මන් අදුරනවා ඇති"

"අහ්හ්හ්හ් පිස්සුද ශිබියෝ......ඔය කොහේවත් යන කෙනෙක් ගැන හොයන්න ඕනි නෑ"

"අහ්හ්හ්හ්හ් එහෙම බෑ.මන් හිතන විදිහට අපේ පන්තියෙන්ම උබ විතරයි සින්ගල් ව ඉන්නෙ......"

"අහ්හ්හ්හ් මට නම් මෙහෙම හොදයි හරිද?එනෝ මෙතන"

"අහපන්කො!ඕකා එලවලු විකුනන ඩෑල් එකක් නම් මන් අදුරනවා ඇති අනිවාරෙන්ම! ඒ හින්දා මට පෙන්නපන්කො බලන්න"

SUMMER🍂Where stories live. Discover now