සිව්වන දිගහැරුම🍂

21 4 0
                                    

අම්මා යනවත් එක්කම මාත් ඒ පැත්තට ගියා.

අම්මා ඉතින් හිනා වෙලා ලූනු කිලෝ එකක් ඉල්ලුවා,

අහ්හ්හ්හ්හ්,

ඔව් එයත් අපේ අම්මත් එක්ක හරි ලස්සනට හිනා වුනා,

එතකොටනෙ මම දැක්කෙ!

එයාට! එයාට!

නලදත් දෙකක් තියනවා!
හරියට නිකම් වැම්පයර් කෙනෙක් වගේ.

ඒ හිනාව!
ඒක හරි ලස්සනයි
හරිම හුරතල්!

දන්නවද?

එයා හිනා වෙද්දි එයාගෙ ඇස් දිලිසෙනවා!

ඒ හින්දා එයාගෙ හිනාවෙදි වැඩිපුරම කැපිලා පේන්නෙ ඇස් දෙක!

"රත්තරන්! මේ එලවලු ටික බාන්න එන්නකො"

"ඉන්න තාත්තෙ!"

අහ්හ්හ් "රත්තරන්" ඒකද එයාගෙ නම,

එතකොට මේ එයාගෙ තාත්තද?

"පොලේ ආවද මේනු?"

"අහ්හ්හ්හ් ඔව්!එලවලු ටිකක් ගන්න ආවා හලෝ"

"ගන්න ගන්න! මේ අලුත් ඒවා ඔක්කොම"

ඇහ්හ්හ්හ් එයාලගෙ තාත්තයි අපේ අම්මයි කතා කරා.මේ දෙන්නා කලින් ඉදන්ම අදුරනවද කොහෙදෝ!

අම්මා ඉතින් තව එලවලු දෙක තුනක් අරන් එතනින් ආවා!

එද්දි එයාලගෙ තාත්තා "හරී" කියන ගමන් මටයි අම්මටයි දෙන්නටම හරි සුහදව ඔලුව වැනුවා.

පුතා නම් ටිකක් ලැජ්ජ වෙලා වගේ.ඈත ඉදන් එද්දි නම් හිටියා මන් දිහා කන්න වගේ බලාගෙන ලගට ආවාම තමා!

පූස් පැටියා වගේ!

ඉතින් ඒ තත්පර ගානත් එහෙම ඉවර උනා!

_______________________________________

#තවත් හිතපු නැති දවසක හිතපු නැති දෙයක් උනේ!

ඊයේ පොලේ ගියාමත් එයා හිටියා,
දැන් ඉතින් ඇති ඇවිල්ලා උදෙන්ම ඉස්කෝලෙ!

ඉක්මනට යන්න ඕනි!

"අම්මා මන් යනෝ!බුදුසරණයි"

"යනෝ කියන්නෙ දරුවෝ තාම වීල් එක ආවෙ නෑනෙ"

හම්මට ඔව්නෙ!
හාආආආශ් මට තියන හදිස්සිය!

ඔව් ඔව් ඉතින් උදේ ඉස්කෝලෙ ගියපු ගමන්ම වගේ හැමදාම දකින්නෙ එයාව!

එයා කිව්වෙ,
රත්තරන් ව!

ආආආආශ් මට ඒ නම කියන්නත් මොකක්ද වගේ.මන් හිතන විදිහට එයාට ගෙදරට කියන්නෙ රත්තරන් කියලද කොහෙදෝ,

දැන් ඉතින් ඇති අපේ පන්ති පිටිපස්සට වෙලා අර එයාගෙ යාලුවත් එක්ක!

ඒක ඉතින් එයාගෙ සුපුරුදු වැඩේනෙ!

මාත් ඉතිම් ඒවට දැම් හුරුයි!

__________________~Nowty kitty🖤~ ___

නිල්!
ඇයි දන්නවද නිල් විශේෂ!

නිල් තමයි කලු එක්ක සටන් කරන්න පුලුවන් එකම පාට!

විශ්වාස නැත්තම් බලන්න,

රෑ අහස දිහා!

#ඔයාටම ගොඩක් දේවල් තේරෙයි

SUMMER🍂Where stories live. Discover now