විශ්වාස කරනවද?
මම පන්තිය අතුගාන්න ඉන්නෙ අගහරුවාදට ඉතින් ඒ හින්දා ඉස්සර ඉදන්ම මම අගහරුවාදාට උදෙන්ම ඉස්කෝලෙ එනවා. 6.30 විතර වෙද්දි මන් ඉස්කෝලෙ කවුරුත් නෑ ඒවෙලාවට ඉස්කෝලෙ ලමයි ඕනි නම් ඉන්න දෙතුන් දෙනෙක් ඒකත් අපේ පන්ති පැත්තෙ කවුරුත්ම නෑ.මන් ඉතිම් ගිහින් අතුගානෝ.
එක දවසක් තිබ්බා මන් 6.30 ට පන්තියට යද්දි පන්තියෙ බල්ලෙක් නිදාගෙන හිටියා.මන් ඉතින් බල්ලොන්ට බය නිසා අනිත් ලමයි එනකම්ම කියලා එලියට වෙලා ඉන්නො.
හැබැයි ඒ ඉස්සර!
දැන්,අරයා දන්නවා මන් අතුගාන්න ඉන්නෙ අගහරුවාදට කියලා ඉතින් එයා දැන් හැමදාම අගහරුවාදට 6.30වෙද්දි ඇවිත් ඉන්නො තනියම අපේ පන්තිය ඉස්සරහා තියන කොරිඩෝවට වෙලා.
මන් ඉතිම් අතුගානො,
ලමයි කවුරුත් වත් නෑ ඉතිම් මට හිතෙනවා දැන් කතා කරයි දැන් කතා කරයි කියලා,
කොහෙද,
නිකන් බොරුවට කොරිඩොවෙ එහෙටෛ මෙහෙටයි ඇවිද ඇවිද ඉන්නො!
පිස්සා!
_______________________________________#ඔන්න ඉතිම් තවත් දවසක වෙච්ච
ජීවිතේට නොහිතපු දෙයක්!"සනා ඉක්මනට බත් එක අරන් වරෙම් බඩගිනි"
"මේ අද අපි ගලට ගිහින් කමුද?"
"බෑ බෑ මේ මතකනෙ එදත් තමරා ටීච බැනපු විදිය!පන්තියෙ කමු"
"මේ ශිබියෝ බත් එක අරන් එනෝ"
"ඉදාම් පොඩ්ඩක් තාම මගෙ කෑම එක ගෙනාවෙ නෑ"
"අහ්හ්හ් එහෙනම් වරෙම් එතකන් මේකෙන් කමු"
තුන් දෙනා ඉතිම් පැනපු ගමන් සත්තු වගේ බත් එකට වැඩේ දුන්නා.
කකා ඉන්න ගමන්ම මන් බැලුවෙ වට පිටාව ශිබියගෙත් බත් එක ගේයිද කියලා,
ඔව් ආවා කෑම එක තිබ්බ පන්තියෙ ජනේලෙ ගාවින් ගියා.........
ඇහ්............
මොනාද මේ වෙන්නෙ,
ඇයි අරයා ශිබියගෙ කෑම එක දිලා ගියේ!ඔව් ඔව් අරයා කිව්වෙ එලවලු කොල්ලා තමා!
මට තේරෙන්නෙ නෑ මොකක්ද වෙන්නෙ කියලා!
"අහ්හ්හ්හ් වරෙන් මේකත් කමු"
"කවුද ඒ ඔයාට කෑම එක ගෙනත් දුන්නෙ"
"අහ්හ්හ් ඒ මගෙ බාප්පගෙ පුතා බන් පවන්!"
__________________~Nowty kitty🖤~___
හිතපුවත් නැති දෙයක් නේද උනේ,
ඔව් ඔය අවස්ථා මන් මේ ලියන්නෙ නිකම් නෙවේ!
අත්දැකීමෙන්!✨️බලමු ඉතිම් ඊලගට මොන මොන දේවල් වෙයිද කියලා🍂
ඒ හින්දා මාත් එක්කම ඉන්න!
බාආආආඅයි👀💗