Chapter 17

1.3K 211 18
                                    

ජන්ග්කුක් ටේහ්‍යුන්ව හොයාගෙන ගියාට පස්සේ ජිමින් එහෙම්ම හිමීට නැගිටලා එයාගේ අතට දුන්න ටේහ්‍යුන්ගේ ඩයරි එකත් අරගෙන කාමරේට ගියා..මේ වෙලේ ජිමින්ට තනි වෙන්න ඕන කියලා හිතුනා නිසා කවුරුත්ම ජිමින්ගේ පස්සෙන් ගියේ නෑ..ජින් කියපුවත් එක්ක ඔලුව විකාරයි වගේ දැනෙනකොට ජිමින් ටේහ්‍යුන්ගේ ඩයරි එක අරගෙන ඒ දිහා කදුලු පිරුනු ඇස්වලින් බලන් හිටියා..ජිමින්ට මතකයි ඉස්සර ටේහ්‍යුන් මොකක්ම හරි වැදගත් දෙයක් උනොත් ඉක්මනට ඩයරි එක අරගෙන ඒකේ මොන මොනවාදෝ ලියනවා...ජිමින් වැටිලා තුවාල උනත් ටේහ්‍යුන් ඒකත් ඩයරි එකේ ලියනවා..ඒ තරම් ටේහ්‍යුන්ට ජිමින්ගේ දේවල් වැදගත්..ඒ කාලේ ඉදන්ම ජිමින්ට මේ ඩයරි එක කියවන්න ඕන උනත් ටේහ්‍යුන්ගෙන් ඒක ගන්න එක ලේසි උනේ නෑ..ටේහ්‍යුන්ගේ පිස්සු විකාර මතක් වෙලා ජිමින්ගේ මූනට හිනාවක් එනකොට ජිමින් ටේහ්‍යුන්ගේ ඩයරි එකේ පලවෙනි පිටුව පෙරලුවා..

.......................................... ♡....................................

2004.12.30

හායි ඩයරි ,

මන් හ්‍යුන්ගීගේ සුදු බබා..ඔම්මාගේ බෙයාර් කිම් ටේහ්‍යුන්..මට වයස අවුරුදු 11යි..ඔයාව මට දුන්නේ හ්‍යුන්ගී..එයා කිව්වා මට විශේෂම දවස් මේකේ ලියන්න කියලා..එතකොට කවදාවත්ම ඒ දවස් මට අමතක.වෙන එකක් නෑ කිව්වා..

.......................................... ♡....................................

පලවෙනි පිටුවෙම ටේහ්‍යුන්ගේ පුංචි කාලේ ෆොටෝ එකක් එක්ක ටේහ්‍යුන් ගැන ලියලා තියෙනකොට ජිමින්ගේ මූනට පුංචි හිනාවක් ආවා..පොතට අවුරුදු 19ක් උනත් පොතේ කිසිම දේකට හානියක් වෙලා නෑ කියලා පේනකොට ටේහ්‍යුන් මේ පොත කොච්චර පරිස්සම් කරලද කියලා හිතාගන්න ජිමින්ට අමාරු උනේ නෑ..ඒ නිස ජිමින් එයාගේ ඇස්වලින් බේරෙන එක කදුලක්වත් පොතට වැටෙන්න නොදී මග බලාගත්තා..එතනින් එහාට පොත පුරාම අවුරුද්දක් යනකම් මුකුත්ම තිබ්බේ නෑ..ආයි පොතට අකුරු එකතු වෙලා තිබ්බේ ටේහ්‍යුන්ට අවුරුදු 12 දි..

.......................................... ♡....................................

2005.05.20

හායි ඩයරි,

ගොඩ කාලෙකින් නේද...මේ කාලේ ලියන්න තරම් විශෙෂ දේවල් තිබ්බේ නෑ ඉතින්..හැමදාම අම්මාගෙයි අප්පාගෙයි රන්ඩු හැරෙන්න , එයාලගේ බිස්නස් ට්‍රිප්, බිස්නස් පාර්ටි හැරෙන්න වෙන මුකුත්ම තිබ්බේ නෑ..ඒවා මට මතක තියාගන්න ඕන නෑ..එදාට සුදු බබා ඉන්නේ තනි වෙලා..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now