chapter 18

1.4K 218 28
                                    

ටේහ්‍යුන්ගේ ඉව පස්සෙන් ගියපු ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ කාර් එක නවත්තගන්න වෙන ක්‍රමයක් හිතාගන්න බැරි නිසාම එකපාරටම කාර් එකට පැන්නාත් එයා කරපු මෝඩ වැඩේ තේරුනේ ටේහ්‍යුන්ට කාර් එක නවත්තගන්න බැරුව ඇවිල්ලා කාර් එකේ වැදුනාමයි..මේල් ඔමෙගා කෙනෙක් නිසා සාමාන්‍ය ඔමෙගා කෙනෙක්ට වඩා ශක්තිමත් උනත් ජන්ග්කුක් මේ වෙලේ හිටියේ හිතින් දුර්වල වෙලා..කාර් එක ඇගේ වදිනකොට එහාට පනින්න ඕන කියන එකවත් ඔලුවට එන්නේ නැතිකොට කාර් එක වදින මොහොතෙත් ඔමේගාගේ නිල් ඇස් නතර උනේ කාර් එක නතර කරගන්න උපරිම උත්සාහයක යෙදෙන ටේහ්‍යුන්ගේ දුඹුරු ඇස්වල..අන්තිම මොහොතේ කාර් එක ඔමේගාගේ ඇගේ වැදිලා ඔමේගා විසික් වෙනවත් එක්කම වේගය පාලනය කරගන්න බැරි උන කාර් එක ගිහින් කණුවේ වැදුනේ ටේහ්‍යුන්ගේ නලල ග්ලාස් එකේ වැදිලා තුවාල වෙන විදියටයි..ඒත් ඒ හැම කෙනෙක්ගෙම ඇස් නතර උනේ ඔමේගා ලග..

කාර් එක නතර උන ගමන් මමා ගාගෙන අඩාගෙන කාර් එකෙන් බැස්ස පුංචි යූන් දිහා හැමෝම පුදුම වෙලා බලන් හිටියේ..ටිකක් වෙලා ගියාමයි ටේහ්‍යුන්ට තේරුනේ යූන් යන්නේ වෘකයෙක් ලගට කියලා...ටේහ්‍යුන්ගේ පැත්තේ දොර හිර වෙලා තිබ්බාත් හයියෙන් දොරට ගහපු ටේහ්‍යුන් දොරත් කඩන් දුවගෙන ගිහින් පුංචි යූන් වෘකයා ලගට යන්න කලින් ටේහ්‍යුන් අල්ලගත්තා..

🐯 යූන් යන්න එපා !!

ටේහ්‍යුන් අඩන යූන්ව වඩාගන්නකොට යූන් ටේහ්‍යුන්ගේ අතින් බැහැලා ජන්ග්කුක් ලගට යන්න දැගලුවා...ජන්ග්කුක්ගේ කිසිම හෙල්ලීමක් නැතිකොට යූන් හිටියේ හොදටම බය වෙලා..

🌱 ඩැඩා මට යන්න දෙන්න...

🐯 යූන් ඒ ඉන්නේ වෘකයෙක්..ඔයාට තුවාල කරයි එයා..

🌱 එයා මට තුවාල කරන්නේ නෑ !! ඒ මගේ මාම් !!

යූන්ට කේන්ති ගිහින් ඇස් රතු කරන් කෑ ගහලා ටේහ්‍යුන්ගේ අත හපනකොට යූන්ව ටේහ්‍යුන්ගේ අතින් ඉබේටම ඇතෑරුනා..ටේහ්‍යුන් හිටියේ වෙන දේවල් හිතාගන්න බැරුව..යූන්ගේ රතු ඇස් වගේම උල් දත් එක්ක යූන් කියන කිසිම දෙයක් ටේහ්‍යුන්ට හිතාගන්න බැරි උනා..ටේහ්‍යුන් ගල් ගැහිලා බලන් ඉන්නකොට අනිත් අයත් කාර් එකෙන් බැහැලා බලන් හිටියේ අඩාගෙන වෘකයා ලගට දුවන යූන් දිහායි..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now