Chapter 25

1.5K 201 23
                                    

🌹 ඒයි මෝඩයා...මගේ බූල දෙනවා !!

🐰 ලිලී දුවන්න එපා දරුවෝ...

🐯 බේබි දුවන්න එපා..වැටෙයි..!!

.

.

.

🐱 දෙයියනේ අදත් උදේ පාන්දර මේ පවුල ගේ වටේ දුවනවනේ !! මුන්ට උදේට උසේන් බෝල්ට් වැහෙනවද මන්දා ??

.

.

🐹 යකූනේ දුවන එක නතර කරනවා !!

මේ වෙනකොට තත්ත්වේ හරිම සරලයි...ටේකුක් දෙන්නා සතියක හනිමූන් එකක් ගියාට හනිමූන් එක පැත්තක තියලා දවස් තුනෙන් දෙන්නාම ආවේ ලිලීවයි යූන්වයි තනිකරලා ඉන්න හිත දුන්නේ නැති නිසායි..ඊටත් වඩා තඩි කොටියෙක්ගෙන් බේරිල්ලක් නැති නිසා හනිමූන් එක දවස් තුනෙන් ඉවර කරන්න ජන්ග්කුක් කැමති උනා..ඒත් ඉතින් ගෙදර ඇවිල්ලාත් ටේහ්‍යුන් වැඩේ ඇතෑරියේ නෑ..පොඩ්ඩො දෙන්නා ඉල්ලන විදියට තාම ජන්ග්කුක්ගේ බඩට පැටියෙක් ආපු නැති නිසා ටේහ්‍යුන් තාමත් ඒකට ට්‍රයි කරනවා..ඒත් ජන්ග්කුක් නම් කියන්නේ පැටියා ආවත් අප්පාට තියෙන විසේට ඕක නවත්තන එකක් නෑ කියලායි..

කොහොම හරි වෙඩින්ග් එකෙන් සතියකට පස්සේ හැමෝම තම තමන්ගේ වැඩ පටන් ගන්න දවස පටන් අරගෙනයි තිබ්බේ..උදෙන්ම නැගිට්ට ටේහ්‍යුන් එයාගේ පවුලේ කම්මැලි ලමයි දෙන්නායි එයාගේ කම්මැලි වයිෆිවයි නැගිට්ටවලා පස්සට දෙකක් දීලා බාතෲම් එකට දැම්මා..කොහොම හරි තුන් දෙනාම වොශ් දාගෙන ඇවිල්ලා ජන්ග්කුක් ලිලීගේ යුනිෆෝර්ම් එක අන්දලා කොන්ඩේ ගොතන අස්සේ යූන් ලිලීගේ බූල් එක උස්සන් දිව්වා..ඉතින් කොන්ඩේ භාගෙට ගොතද්දී ලිලී යූන් පස්සේ දුවනකොට ජන්ග්කුක් ලිලී පස්සේ දිව්වේ ලිලීව නවත්තන් කොන්ඩේ ගොතන්නයි...මේ අස්සේ ඊයේ රෑ ටේහ්‍යුන්ගේ වැඩ නිසා හරියට ඇවිදගන්නවත් බැරුව හිටිය ජන්ග්කුක් නොන්ඩි ගගා දුවන දැක්ක ටේහ්‍යුන් භාගෙට ඇදන් හිටිය ඇදුම පිටින් ජන්ග්කුක්ව අල්ලගන්න දිව්වේ මේ ගෙදර වෙන කවුරුත් නෑ කියලා හිතාගෙන වගෙයි..ඔයාලා විශ්වාස කරන්න ටේහ්‍යුන් ඉන්නේ ඔෆිස් ශර්ට් එකට ශෝර්ටක් ගහගෙනයි..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now