💢After one week
ජන්ග්කුක් හිටියේ cafeteria එකේ එයාලාගේ පුරුදු මේසේ ඉදගෙන....ඒ ඉස්සරහින් මියුන්ගුක්ත් බර්ගර් එකකට වැඩේ දෙමින් හිටියේ කුකී අත් දෙකේම නියපොතු ටික කාලා ඉවර කරද්දී....
"ඔයා කියන්නේ...මං එයා එක්ක සටන් කරන්න ඕනි කියලා ද?"
"ඔව් කුකී ඔව්....ඒ ඔයාගේ හැන්ඩ්සම් හියුන්...අනික ඔයාගේ ආසම හියුන්ව ඔයා කොහෙවත් යන නැට්ටිච්චියෙක්ට දීලා මෙහෙම හොටු බබා වගේ ඉන්නද හදන්නේ ?"
මියුන් කෑම කටේ පුරවගෙන කියද්දී තමන් ළග තිබුනු ඇමරිකානෝ එකෙන් උගුරක් බිව්ව ජන්ග්කුක් කෙලින්ම මියුන්ගේ ඇස් දිහා බැලුවා...
"මං පොඩි නේ බන්..මං කොහොනද හියුන් එක්ක ගහ ගන්නේ..."
"යා....ගහ ගන්න නෙවෙයි කියන්නේ...අනික හියුන්ට ගහන්න උබට දුක නැද්ද? මං කිව්වේ අපි ඒ නැට්ටිච්චිගේ එක කෙස් ගහෙන් ගහ ගලවමු..මොකද කියන්නේ...?"
"වාව්..උබට නම් තියෙන්නෙ මොළයක් නෙවෙයි මොළ ගෙනියන නැවක් මියූ...මං එකගයි...ඒත් මියූ ඒ නැට්ටිච්චිත් හුගක් උසයි නේ..."
"අනේ බන් උබට කියන කට හොදයි මං මේ බර්ගර් එකේ උලා ගත්තා නම්..."
මියුන්ගුක් ආපහු බර්ගර් එක කන්න ගනිද්දී ජන්ග්කුක් ඈත ටේබල් එකක වාඩි වෙලා තමන්ගේ යාලුවෝ එක්ක හිනා වෙමින් කියව කියව ඉන්න මියා දිහා බැලුවෙ ඇස් දෙකත් හීනි කරගෙන....
එදා ඉදන් පහු වුනු දවස් දෙකක් ජන්ග්කුක් හරි සාමකාමිව school ගියා..ඒත් ටෙටේ එක්ක නම් වැඩි ගනුදෙනුවක් තිබ්බේ නෑ...ටේටත් දැන් මියාගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ...නෑ නෑ..කොල්ලාට මියාව ඒ තරම් වටිනවා නෙවෙයි....ඒ කෙල්ල කොයි වෙලේ බැලුවත් ටේගේ ඇගේ එල්ලිලා..ජිමින්ට වුනත් මියා කියන කෙල්ලව පොඩ්ඩක්වත් පෙන්නන්න බෑ....
ඒ දවස් දෙකෙන් පස්සේ උදා වුනු ඒ දවසේ උදේම මියා මුලු පංතියක්ම අනෙක් පැත්ත හැරෙන්න බෙරිහන් දුන්නේ මුළු hall එකම කැළබීමට පත් කරලා...
"මියා...look...මියා...ඒ පොඩි ගෙම්බෙක් විතරයි....don't cry...මියා..."
ටේහ්‍යුන් මියාව සන්සුන් කරන්න උත්සහ්ස් කළත් කෙල්ල කලේ දිගටම අඩපු එක....මේ දිහා පංතියේ දොර ළගට වෙලා හොරෙන් බලන් හිටිය පොඩි ඩබල හිනා වෙවී තමන්ගේ පංතියට ගියේ මියාගේ bag එකේ හිටිය ගෙම්බා ගැන කලකිරීමෙන්....
YOU ARE READING
-͟͟͞͞𖣘 𝒟ℯℯ𝓅 ℰ𝓎ℯ𝓈 -͟͟͞͞𖣘 (TK) (Completed)
Fanfiction"ආදරෙයි හියුන්...මේ හුස්ම වැටෙනකම්ම ආදරෙයි හියුන්...හියුන්ගේ ආදරේ මට නොලැබුණත් මං හැමදාම ආදරෙයි...." තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ හොදම යාලුවට පෙම් බැදි ඒ පුංචි හදවතේ ❤ කතාව.... Top - Tae bottom - Kookie Re Publish Date - 2024/10/29 ⚠️️Don't Copy⚠️️