🍂Chapter 08🍂

560 62 9
                                    

💢After a Month

වැහි වළාකුළුවලින් පිරිලා තියෙන ලංඩන් අහස දිහා බලන් හිටිය ටේ තමන්ගේ ජැකට් එකත් අරගෙන කාමරෙන් එලියට ආවේ graduate ceramany  එකේ වැඩත් එක්ක මේ දවස් වල busy වෙලා ඉන්න ජන්ග්කුක්  තවමත් ගෙදර ආපු නැති නිසා college  එකට යන්න හිතාගෙන...

"GrandMa...කුකී තවම නෑ නේ.."

"ඒක තමයි පුතා....හෙට ceramany  එක නිසා අද වැඩ වැඩි ඇති....ඒත් ඉතින් වැස්සට කලින් ආවොත් හොදයි..."

Grandma ජනේලේ ළගට ගිහින් ඒ වැහි බර අහස දිහා බලන් කිව්වේ ටේ අතේ බැදි ඔරලෝසුව දිහා කීප වතාවක්ම බලද්දී....

"Grandma...මං කුකීගේ college  එක ළගට යනවා...කුකී ඊට කලින් ආවොත් මට කියන්න හරිද?"

"ඒත් පුතාත් තෙමෙයි..කුකී නම් මැක්ස් එක්ක කොහොම හරි ඒවී..."

" එයාට හෙට අසනීප වෙන්න දෙන්න බෑ grandma...මං ඉක්මනින් කූව එක්කන් එන්නම්.."

Grandma ආයේ මොනවත් කියන්න කලින් ගෙයින් එලියට දුවගෙන ගිය ටේ පාරේ ආපු taxi එකක් නවත්තලා එහෙමම නැගලා ගියේ කුකීගේ college  එකට....
.
.
.
.
.
.
එන්න එන්න හමන සුළං පහරේ සැර වැඩි වෙලා ඇගට සීතලක් දැනෙද්දී ceramany  එකේ වැඩ ඉවර කරලා එන්න ලෑස්ති වෙලා හිටිය කුකී එහෙමම නැවතුනේ....සීතල හුලං එක්කම ලොකු වැස්සක් කඩාගෙන හැලෙද්දී....

"අහ්හ්හ්....දැන් මොකද කරන්නේ..අහ්හ්හ් ඕනි වෙලාවට මේ මැක්ස් වත් නෑ...."

තොල් උල් කරලා මැක්ස් ගිය පැත්ත දිහා බලලා බැන්න කුකී ලොකු හුස්මක් ගත්තේ කොහොම හරි තවත් වැස්ස වැඩි කරන්න කලින් ගෙදරට දුවන්න හිතාගෙන...කොහොමත් college  එකත් grandma  ගේ apartment  එකත් අතර ලොකු දුරක් නෑ....ඒත් ඉතින් දුර නැතුවමත් නෙවෙයි...

ඇත්තටම මැක්ස් ගැන කිව්වොත් මැක්ස්ගේ ආදරේ හිටියේ එයාලාට වඩා අවුරුද්දක් පහළ පංතියේ...ඒ ඉතින් තවත් cute කොලු පැටියෙක්....එයා අයර්ලන්ඩ් ජාතිකයෙක්...ඒ නිල් ඇස්වලට පිස්සු වැටිලා හිටිය මැක්ස්ට හෙට ඉදන් ඒ ඇස් මගැරේවි කියලා බයක් දෙනෙන එක අහන්නත් දෙයක් ද?  ඉතින් අද දවසම මැක්ස් හිටියේ ඒ කොලුවා එක්ක....

මැක්ස්ට හිතින් බනින ගමන් කුකී ඉක්මනින් තමන් දන්න short cut එකකින් දුවගෙන ගියේ ඒත් එක්කම college  එක ඉස්සරහා නැවෙත්තුව taxi එක මැගැරෙද්දී....

-͟͟͞͞𖣘 𝒟ℯℯ𝓅 ℰ𝓎ℯ𝓈 -͟͟͞͞𖣘 (TK)  (Completed)Onde histórias criam vida. Descubra agora