1

420 18 0
                                    


"මට දැන් කියපන්කෝ මොකටද මූණ එල්ලන් ඉන්නේ කියලා..."

මට එහා පැත්තෙන් හිටගෙන ඉන්න හසිනි මගෙන් අහනවා ඇහුණත් මට එයාට උත්තරයක් දෙන්න ඕනි වුණේ නෑ. ඒත් හසිනි ඇවිටිලි කරන නිසාම මම එයා දිහා බැලුවා.

"එහෙම එකක් නෑ බං.."

හසිනිගේ වදෙන් බේරෙන්න මම එහෙම කිව්වා.

"අනේ මේ.. උඹේ මූණ දැක්කම පේනව මට."

හසිනි හිනාවක් දාගෙනම මගේ මුහුණ දිහා බලලා කිව්වට මට නම් හිනා වෙන්න තරම් හොඳ මානසිකත්වයක් තිබුණේ නෑ. ඒ නිසයි මං හසිනිට ඕනාවට එපාවට ආපහු සැරයක් උත්තර දුන්නෙ.

"මේකප් එකේ අවුලක් වෙන්න ඇති බං."

මං එහෙම කියාගෙනම පාර පනින්න ඇවිදන් ගියා.

"මගෙන් මුකුත් අහගන්න එපා..
ඒයී.... සාජී... ඉන්නවා.... බස් එකක් එනවා පේන්නේ නැද්ද?"

මම හසිනිට කලින් පාර පනින්නයි හැදුවේ. මට පාර පනින්න කලින් පාර දෙපැත්ත බලන්න අමතක වුනා.. මං ඉදියේ වෙනම කල්පනාවක. හිතේ ලොකු බරක්.. ඒකමයි මම ලගින්ම එන බස් එකවත් දැක්කේ නැත්තේ.. හෝන් කරගෙනම අපි ලගින් වේගෙන් ඉදිරියට ඇදෙන බස් රථය දිහා මං බලන් ඉදියේ මගේ හදවත වේගයෙන් ගැහෙද්දී. මම හොඳටම බය වුනා.

"සාජී..... කෝ අත දෙනවා. "

පාරෙ ඇවිදින මිනිස්සු අපි දෙන්නා දිහා බලන් ඉන්නවා දැක්ක හසිනි මගේ අතින් අල්ලගෙන පාර පැන්නේ මාත් ඔහේ එයාගේ පස්සෙන් ඇදිලා යද්දී.

මම සාජල් ආකිත්‍යා ආටිගල .
සාජල්.... ඒ නම මට තියලා තියෙන්නේ මගේ අයියා.... එයා මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. මං ඉපදෙන කාලේ එයා බලපු ෆිල්ම් එකක තිබ්බ එයා ආසම නමලු සාජල් කියන්නෙ.

"මට කියපන්කෝ මොකද මේ වීක් එන්ඩ් ගෙදර යන්නේ නැත්තේ කියලා.....
මං හිතුවේ ලෙක්චර්ස් ඉවර වෙච්ච හැටියේ මාවත් දාලා දුවන් ආපු විදියට මෙලහකටත් ගිහින් ඇති කියලා.."

හසිනි මගේ අත අත්නොහැරම ඉස්සරහට ඇවිදගෙන යන ගමන් මගෙන් ඇහුවා.

"අනේ මට බෑ බං ගෙදර යන්න.
අර මං එදා කිව්වේ... අයියගේ යාලුවෙක් කරපු ප්‍රොපෝසල් එකක් ගැන. අද ඒ යාලුවා අපේ ගෙදර ඩිනර් එකට එනවලු.. මං ඊයෙම කිව්වා අප්පච්චිට අද මට එන්න වෙන්නේ නෑ කියල..."

Library BoyWhere stories live. Discover now