3

193 14 0
                                    

මම වාඩි වෙලා ඉදියේ ජනේලය ළඟ. ඒක හරිම ලස්සන උදෑසනක්. තවම ඈතින් ගස් අතර මීදුම පවා රැඳිලා තිබුණා. මම ඉඳියේ හරිම සතුටින්.

මගේ library boy අද මගේ ළඟ වාඩි වෙලා. අපි දෙන්නා එක ලග වාඩි වෙලා පොතක් බලනවා හිනා වෙවී. Library එක ඇතුලේ ඉඳියත් අපි දෙන්නා ඉඳියේ අපේම පුංචි මායාවක. එයා හිනාවෙද්දී වීදුරුවෙන් පෙරිලා එන රන් පැහැ ආලෝකයට එයාගේ හිසකෙස් දිලිසෙනවා. හිනාවෙද්දී ඒ ඇස් හීන් වෙලා කම්මුල් පිම්බෙනවා. මම ආසම එයාගේ කෝපි පාට ඇස් වලට.. ඒ ඇස් අස්සේ මං අතරමං වෙලා. මටත් නොදැනීම මම එයාගේ කම්මුලකින් අත තියලා එයාගේ රැවුල පිරිමැද්දා. ඒත් එක්කම එයා මගේ මූණට ලං වුණා. එයාගේ උණුසුම් සුසුම් මගේ කම්මුල ස්පර්ශ කරද්දී මගේ දෙතොලතර සිහින් සිනාවක් මැවුණා. එයා ටික වෙලාවක් මං දිහා බලාගෙන ඉදියේ හරිම ආදරණීය බැල්මකින්. ඒ ඇස් තරු කැට වගේ දිළිසෙනවා. "ඔයා හරිම ලස්සනයි" එයා මගේ කනට මුමුණද්දී එයාගේ සුසුම් මගේ ගෙලෙහි තැවරෙද්දී මට දැනුණ කිතියත් එක්ක මම දඟකාර ලෙස සිනාසුණා. එයා හරිම ආදරණීය විදියට මගේ ගෙල පිටුපසින් අල්ලගෙන මගේ  කම්මුල මත දෙතොල් ස්පර්ශ කරද්දී මට ඒ දෙතොල් වල සීතල දැනුනා. කම්මුල මතින් ඒ සීතල දෙතොල් පහලට ගමන් කරද්දී ඇස් වහගෙන මං ඒ සීතල පහස විඳගත්තා.

ඒත් එක්කම මට ඇසුනේ විශාල සිනාහා හඬක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් එක්කම මට ඇසුනේ විශාල සිනාහා හඬක්. මම එයාගේ පපුවට අත් තියලා මගෙන් ඈතට තල්ලු කරලා ඇස් ඇරියේ කවුද අපිට හිනාවෙන්නේ කියලා බලන්න.

මං ඇස් අරිද්දි දැක්කේ මගේ දිහා හිනා වෙවී බලන් ඉන්න හසිනි. වතුර කෝප්පෙකුත් අතේ තියාගෙන හසිනි මගේ දිහා බලාගෙන හිනාවෙනවා. හරි සිහියට ආවමයි මට දැනුනේ මගේ මූණ පුරාම වතුර බිංදු තියෙන බව. හසිනි මගේ මූණට වතුර ඉසලා.

Library BoyWhere stories live. Discover now