"Good morning සාජී... නැගිටිනවා දැන්වත්..."කන අස්සෙන්ම කෑගහන හඬක් ඇහෙද්දි මාව ගැස්සිලා ගියා. මං ඇස් ඇරියේ හරිම අමාරුවෙන්. ඇස් බරයි හොදටම. ඇඳේ එරමිණියා ගොතාගෙන වාඩි වුණ මාව කැරකෙනවා වගේ.
"වෙලාව කීයද ? "
මං morning wish එකවත් නොදී කෙලින්ම ඇහුවේ වෙලාව.
"අද සෙනසුරාදා.... දැන් වෙලාව උදේ 10.30 පහු වෙලා විනාඩි තුනයි. අද දවල් 12 ට කලින් assignment එක සබ්මිට් කරන්න ඕනි. හදලා ඉවරද ?
හසිනි මගේ ප්‍රශ්නෙට දිගම දිග උත්තරයක් දීලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවේ බැරෑරුම් පෙනුමකට මූණේ ඉරියව් මාරු කරගනිමින්.
"ඔව් ඔව්.. මං ඒක අද පාන්දරම සබ්මිට් කලා....."
මම ඇස් පොඩිකරමින් කියද්දි හසිනි මං දිහා බැලුවේ ඇත්තටම පුදුමයෙන් කටත් ඇරගෙන.
"මේ... ඊයෙ රෑ අසිහියෙන් බාගෙට කරලා එහෙම නෙවෙයි නේද සබ්මිට් කලේ?"
හසිනි අහද්දි මං එයා දිහා බැලුවේ "මොංගල්ද ඩාර්ලින්" කියලා අහන්න වගේ රවාගෙන.
"හරි එහෙනම් අවුලක් නෑනේ. මාත් අද උදේ assignment එක සබ්මිට් කලා.
මේ...සාජී... මට බඩගිනි වොෂ් දාගන්කෝ ඉක්මනට."හසිනි මේසෙට නළල තියාගෙන බඩ අතින් තදකරගෙන කියද්දි මං හසිනි දිහා බලන් ඉදියේ ඇඳෙන් බහින්න කම්මැලී කමෙන්. ඒත් මට මතක් වුණා හසිනිට ගෑස්ටික් හැදීගෙන එනවා කියලා.
"හා... "
තනි වචනෙන් උත්තර දීගෙනම මං ෆෝන් එකත් බලලා ඉක්මනට ඇදෙන් පැන්නේ වොෂ් දාන්න යන්න.
"හොදටම පරක්කු වෙලා.... "
ඒත් ෆෝන් එකෙන් වෙලාව දැක්කම මං කඩාගෙන බිදගෙන වොෂ් රූම් එකට දිව්වේ හසිනි කට ඇරන් බලන් ඉද්දී.
මං පාන්දර තුන පහු වෙනකන් assignment එක ටයිප් කලා. ඒ කරලා ඔන්ලයින් සබ්මිට් කරලම තමයි නිදාගත්තේ හතරත් පහු ඒ වෙද්දී. මට එච්චර පරක්කු වුනේ මං library එකේදි දැක්ක රූපේ ෆ්බී එකේ හොයපු නිසා. හිතුන හිතුන නම සර්ච් කලා.අපේ කැම්පස් එකේ පාස් අවුට් වුන අයියලා අක්කලාගෙ අකවුන්ට් වල පවා එයාව මං හෙව්වා. ඒත් මට එයාව හොයාගන්න බැරි වුනා.
YOU ARE READING
Library Boy
Short Story💛 මං මගේ හිතම රවට්ට ගත්තා, මං එයාට ආදරේ කරලා.. දැක්ක ගමන් ඇති වෙන ඒකපාර්ශ්වික ආදරයක්... මං මගේ Library කොල්ලට ආදරේ කරලා.. නමක්වත් නොදන්න එයාට ආදරේ කරලා.. ආඩම්බරකාරයෙක්ට ආදරෙ කරලා..