දෙයියනේ කියලා මට හොඳට ෂීට් එකේ නින්දක් ගියා...ලයිසැන්ඩර් කාරයා කාර් එක පියැඹුවත් මම නෙමේ ඇහුරැනේ..
ගෙදරට ලං කරලා මාව ඇහැරැවම හවස් වෙලා තියෙනවා දකිද්දී මම බැලුවේ අඩේ අපි දවසක්ම ඇවිත්නේ කියලා..ඒ වෙද්දී සනියලාගේ වාහනේ වෙන පැත්තනට ගිහින් තිබ්බ නිසා ඩොල්පි නැති පාලුවට මම හිටියේ හෝන්දු මාන්දු වෙලා වගේ..
ජනාකීර්ණ පැති වලින් මිදිලා කෑලෑබද පැත්තකට කාර් එක ගියාම මම පුදුමයෙන් වටපිට බැලුවේ මිනිස් පුලුටක්වත් ඇහැට දකින්න තිබ්බේ නැති නිසයි...
මේ මිනිහා වැද්දෙක්වත්ද ? කෑලෑවකට ගෙනිහින් මරලා හංගන්න හදනවද දන්නෑ ? අඩේ බයේ බෑ අප්පා..පැනලා යන්නවත් විදිහක් නෑ මේ වනාන්තරේ අතරමං වෙලා මැරෙන්න වෙන්නේ..
කාර් එක ගල් අල්ලපු පාරකට හරවද්දී ඔබඇස්පියනොහෙලා වාහනෙන් බැහැලා ගේට්ටුව ඇරියේ පොඩි ගල් තාප්පෙකින් වටවුනු ඒ ඉඩම තවත් කැලේකට නේද යන්නේ කියලා මට තේරෙද්දී...
සැක් ගේට්ටුවේ පොඩි..ගල්කණු වලින් තාප්පේ හදලා කඩුලු පනින්න පුලුවන් ගේට්ටුවක් දාලා..ලොකු ගේට්ටුවක් දාන්න බැරි කුනු ලෝබයා...
තව යනවා සාම්ත...මෙයා මහ වනගත ජීවිතයක්නේ ගත කරන්නේ...
නිමක් පේන්නේ නැති ලොකු ගෙවත්තක් මැද්දෙන් වාහනය ඉස්සරහට ඇදෙද්දී ගේට්ටුවට බැන බැන හිටිය මට හික් ගෑවුනේ පාරේ අවසානෙට ආවමයි..
YOU ARE READING
KAMEN | ONGOING
Fanfiction" මරලතෝනි දෙන සද්ද අතරේ මිනිස්සුන්ට ඇහිලා තියෙන්නේ වයලීන හඬක් විතරයි.... මූසල වයලීන හඬක්.... එදා තමයි ' කාමෙන් ' කියන නම මිනිස්සු අතරට ගියේ........." 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 ⚠️️ Content Warning !! : This story contains graphic depictions of violence, h...