chapter 35

1K 162 55
                                    

Warning : [ smut / sex ]
A/N : ik u mfs gonna read it but imma put the warning anyway 😏

"හම්ප්ප්ප්...!"

එයා මොනා හරි කියන්න ගියත් එයාගේ වචන කට ඇතුලෙම ගිලගන්න ඇරලා එයාව ඇඳට ඇදලා ගත්ත මම එයාගේ තොල් තදින් අල්ලගත්තා...

එයාගේ බරට මාව ඇඳට තෙරෙපෙද්දී මගේ දෙපැත්තට අත් දෙක තියලා සමබරතාව හදාගත්ත ලයිසැන්ඩර් මගෙන් ඈත් වෙන්න වගේ ඇඟ ඉස්සුවත් එයාගේ මුලු ගෙලම බදාගෙන ආපහු සැරයක් මම එයාව මගේ දිහාට ඇද ගත්තා...

අද බැරි වුනොත් කවදාවත් නෑ...

"ගුසු...අහ්-ස්ස්ස්"

එයාගේ තොල් ඈත් වෙන්න යද්දිම මම දත් අතරට එයාගේ යටි තොල අල්ලගත්තම එයාට කෙදිරිගෑවුනා.. එසැනින් ලේ රතු වුන තොල ඉරැව මම දැවිල්ලටම අඩවන් වුන ලයිසැන්ඩර්ගේ වීදුරැ ඇස් දිහා බලාගෙන කොට්ටෙට බර වුනේ ඒ ඇස් වල ගින්නක් ඇවිලෙද්දී...

ඔය බැමි බිඳලා දාන්න ලයිසැන්ඩර්....දැන් ඇති ඉවසුවා....

එයාගේ බෙල්ල අල්ලන් හිටිය ග්‍රහණය හෙමීට මම ලිහිල් කලා...එයා තාමත් මම දිහා පුදුමයෙන් බලන් ඉඳිද්දී බෙල්ල ස්පර්ශ කරගෙනම එයාගේ කම්මුලක් මෘදුව මම අල්ලගත්තේ මාපට ඇඟිල්ලෙන් කිරිගරු⁣ඬෙන් අඹලා වගේ තිබ්බ මූහුන අතගාන ගමන්...

නෑ...එයාට වෛර කරන්න මට බෑ...කයිසාර්ගේ මොකා වුනත් දැන් ඉන්නේ මගේ සැමියා මිසක් කයිසාර්ගේ ඥාතියා, නැත්නම් මාව බලෙන්ම කසාඳ බැඳගත්ත පොලිස් කාරයා නෙමේ....

මගේ සැමියා...

නැත්නම්....

මගේ මිනිහා....

මගේ බැල්මට නොදැනිව එයාත් බලන් හිටියේ මම දිහා වශී වෙලා වගේ...කලාකරුවන් දෙන්නෙක් තමන්ගේ වටිනම නිර්මාණය අගවනවා වගේ අපි අපිවම මොහොතකට විඳගත්තා...

ඊළග තප්පරේ කොට්ටෙට බර වෙලා හිටිය මගේ මූනට එයාගේ මූන හෙමීට පහත් වුනේ එයාටම නොදැනී වගේ...

අපේ ඇස් එකටම ගැටිලා තියෙද්දී අත් දෙකෙන් වැලමිටට බර දුන්න එයා මගේ තොල් අල්ලගත්තේ අපේ පලවෙනි දවසේ වගේ සුමුදුවට මෘදුව....

මගේ අත් ආපහු එයාගේ ගෙල වටා එතෙද්දී එයාගේ අත් මගේ ඔලුව පිටිපස්සේ නතර වුනා...බඩ ඇතුලේ වාරකන් මුහුදු රැලි ගහනවා වගේ දැ⁣නුනේ ඒ සමානව හදවත ඉවරයක් නැතුව පිට පිට ගැහෙද්දී....

KAMEN | Ongoing Where stories live. Discover now