chapter 51

737 160 94
                                    

මම හිටියේ කොහේ හරි..කොහේ හරි කියන්නේ කොහේ හරි සැප මෙට්ටෙක මහ ධාරානිපාත නින්දක ගිලිලා වැලලිලා..කලින් මොකක් හරි නින්දෙන් ඇඬුවා වගේ සිද්දියක් වුනා ලාවට මතකේ තිබ්බත් නින්දමතයි අප්පා..මම දැන් ඇහැ ඇරියොත් මට නින්ද යන එකක් නෑ රෑ පුරාවට..ඒ නිසා ගේ ගිනි ගත්තත් මට අදාලා නෑ නින්ද සම්පූර්ණ කරලා මම ඇස් අරින්නේ..

එකපාරට බල්ලෙක් බුරනවා වගේ හඬකුත් ලාවට ඇහෙද්දී ඒ එක්කම උගේ කට වැහිලා ගියාම මට නින්දෙන්ම කට කොනින් හිනාවක් ගියා..හොඳ වැඩේ අර නාරං බල්ලව ගෝනි බිල්ලා ගිලින්න ඇති..

තව ටිකවෙලාවක් ගියාම දඩි බිඩි ගාලා සද්දෙකුත් එක්ක දොරට ගහනවා වගේ ඇහෙද්දී මම ඇස් අරින්න හැදුවේ මොකාද මේ මහ රෑ වන්නම් නටන්නනේ බලන්න..

"ගුසු...!!!"

මාව එකපාරට වකු⁣ටු වෙලා හිටිය පොරවනෙන් ඇඳිලා ගිහින් කලුගල් තාප්පෙක වදිද්දී ඇස් පියාගෙනම මට තරැත් පෙනුනා..මම කසාඳ බැන්ඳ දවසේ ඉඳන් දවසක් නෑර වැදුනු ඔය කලු ගල් තාප්පේ මොකක්ද කියලා වැදුන පාරේ සැරටම මට තේරැනා..⁣මගේ සොඳුරැ මිනිහගේ කලු ගල් පපුව..එයාගේ පපුව ගැහෙනවා විදුලි කෝච්චියක් වගේ..මාව අල්ලගත්ත අතුත් දහ අතේ වෙව්ලද්දී මට බයත් හිතුනා..මෙයාට අපස්මාරෙද..

"අහ්ම්..."

"කොල්ලට අවුලක් නෑනේ"

"නෑ..නෑ..අවුලක් නෑ..බලපන් සනියෝ රෑම් එකේ කවුරැ හරි ඉන්නවද කියලා"

අඩි සද්ද දෙක තුනක්ම ඇහෙද්දී මම නිදි මරගාතෙම එක ඇහැක් ඇරලා බැලුවම කවුද සුදු පාට මනුස්සයෙක් මාව පොරෝනෙන් රෝල්ස් එකක් කරගෙන කන්න වගේ දෝතට තුරැලු කරන් ඉන්නවා මම දැක්කා..කවුද මේ..කෝ මගේ මිනිහා..මෙයා සුදුමැලි වැඩියි නේ..මේ ගෝනි බිල්ලද..නාරං බල්ලව ගිලලා මාව ඩෙසට් එකට ගන්න යනවද...මාව රෝල්ස් එකක් වගේ ඔතාගෙන කන්නද යන්නේ..

"ම..මාව කන්නෙපා."

මම නිදිමරගාතෙම මිමිනුවම මම දැක්කා අර සුදුමැලි මිනිහා මහ චාටර් විදිහට මම දිහා බලනවා..

"ම..මම රහ නෑ..බිත්තර රෝල්ස්..රහයි.."

මම ආපහු මිමිනුවා නින්දෙම..කවුද මම..මේ කවුද..කවුද බිත්තර රෝල්ස්..

KAMEN | ONGOING Where stories live. Discover now