05

535 68 3
                                    

" මේ බං මට උඹට කියන්න දෙයක් තියෙනවා"

" මොනවාද?"

" අරයා"

" කවුද?"

" අර අරයා අනේ"

" ශාක්‍ය"

" ඔව් ඔව් බං කෑ ගහන්න එපා"

" හරි ඉතින් ඌ මොකද ?"

" මට කතා කරා ඒයි. ගෘප් එකෙන් මගේ නම්බර් එක අරන් මෙසේජ් කරා. බලපන්කෝ බං ඌ කැමති මටලු. දෙයියනේ මම හිතුවෙම උඹට කියල නෙ. ලැජ්ජයි වගේ ඒයි දැන් නම්"

" උඹ ඌට කැමති ද?"

" හ්ම් ඔව් එයා හොද පාටයි. බලමුකෝ සෙට් වෙලා."

" හ්ම් පරිස්සමින්"

හිත එක තැනක නැවතිලා නෑ. ගැටුම් චක්‍රය අදින සර් මගේ හිතේ ගැටලු මහා පරිමාණයෙන් මැන්නෙ නෑ.  ඔය මොන දාර්ශනිකයත් මහ ලොකු ටෝක් දුන්නාට ප්‍රශ්නයක් උනාම කියන්නේ එකම පදේ..

" ප්‍රශ්නය තමන්ගේ වෙන තුරු උත්තරය දාර්ශනිකයි " මුන්ගෙ අම්මට ### . ඇත්තටම ප්‍රශ්නෙ උඹලාගේ වෙන තුරු දාර්ශනිකයි තමා එහෙමයි කියලා බලාගෙන ඉන්න පුළුවන් ද?

හොදයි! මම ක්ලාස් ඉවර වෙලා ගේට්ටුව ගාව ඉන්න ශාක්‍ය දිහා බැලුවා. ඒත් හොදම දේ අපේ ඇස්වලට බාධා කරගෙන මගේ එහා පැත්තේ හිටිය සයෝ අරූ ගාවට දුවගෙන ගියා.

ඇස්වලට කාච දාලා හරි කමක් නෑ උන්ට පෙනීම ලැබෙනවා නම්!

මම අද තනියම ආවෙ අරුන් දෙන්නට පාක් යන්න ඕන ලු. යන මගුලක යන්න කියලා මාත් ආවා . ටික දුරක් යනකොට ශාක්‍යගෙ යාළුවෙක් මාත් එක්ක එක දුරින් ඇවිදගෙන ඇවිත් මට කතා කරා.

" උඹ ඇත්ත කියපන්. සයෝටත් කලින් උඹ නේද ඌට ආදරේ කලේ?"

" කාටද?"

" ශාක්‍යට?"

" නෑ'

" බොරු කියන්න එපා බං උඹගෙ ඇස් ඌ ගාවම නැවතිලා තියෙනවා මම දැකලා තියෙනවා. ඇයි බං උඹ පරක්කු උනේ? ඌට හරියනම කෙල්ල උඹනෙ. "

" ශාක්‍ය කැමති සයෝට. උඹ නැති ප්‍රශ්න ඇති කරන්නේ නැතුව යනවා. මට පරක්කු වෙනවා"

ඌට කිව්වට තේරෙන්නේ නෑ

" උඹ පසුතැවෙයි බං. ප්ලීස් ඔය මගුල අමතක කරපන් නැත්තම් ඌට ඇත්ත කියපන්"

මම ඌ කිව්ව දේ ඇහුනෙ නෑ වගේ ආවා.
මගෙ වටේ ඉන්න උන්ගේ ලොකු අවුලක් තියෙනවා, නෑ. හැම එකාගෙම වගේ ඒ අවුල ඇති.

කොහෙ දැනගන්නද වැරැද්ද වළාකුලේ කියලා දැනගෙන හැම එකාම බැන්නෙ අහසටනෙ !

ප්‍රේමයේ හිඩැස් | GL ✓Where stories live. Discover now