02

621 67 3
                                    

"ආන් එනවා"

අද නිල් පාට ශර්ට් එකක්. අත නවලා හරියට කොහොම කියන්නද එයා හැන්ඩ්සම්. මම දැක්කා ඒ ඇස් අර ඇස් දිහා බලලා දිලිසෙනවා.

ඒත් මම ආස නෑ මට අයිති ඇස් තව අය ළග දොඩමලු වෙනවට.

" මේ ඌ බලන්නේ උඹ දිහාද මන්දා? අර බලාගෙන ඉන්න හැටි"

"අනේ මේ පාඩම අහගනින්කො මොකාද වගේ ඌ දිහා බලන් ඉන්නේ"

ඔව් බලන්න එපා. නෑ නෑ නෑ මට ඕන නෑ බලන්න. මම ආස නෑ ඒක ඇත්තක් වෙනවාට.

මම බය මොකටද දන්නවද එයාගේ ඇස් දිලිසෙන්නේ මං ළග නෙවෙයි කියන ඇත්තට !

"මේ බං ඌ අපේ පැත්ත බලාගෙන ම ඉන්නවා. මොකද කරන්නේ?"

"උඹට බඩගිනියි කිව්වනෙ මෙහෙ වරෙන්කො කන්න"

වෙනදට වඩා වෙනස් විදියට එයා මං දිහා බැලුවා. හරි ඔහොම බලන්න එපා මට තාම ඉස්සර ඔයා මතකයි !!

ප්‍රේමයේ හිඩැස් | GL ✓Where stories live. Discover now