3

209 37 8
                                    

Next day

Jngmi pov..

උදෙන්ම පන්තියට ඇවිත් මන් ගානට මගේ පශ්චාත් බාගේ පුටුවෙන් තියලා ඉදගත්තා . අද දවසට වෙන්න පුලුවන් අජූත වැඩ මොනාද . ම්..

අලුතෙන් වෙන්න දෙයක් නෑ මම මම වීමම අජූතයි නේ

බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දි හැම ලමයම වගේ පන්තියේ ඉදගෙන . සමහර කෙල්ලො නම් ටික් ටොක් කරනවා ඒ අස්සේ .

"කෝ ලමයි ඉදගන්න ඔයාලගේ ගිය වාරේ රිපෝට් කාඩ් ගෙනාවා" අපේ මිස් කිව්වා .

මන් කිව්වේ මන් කිව්වේ මගේ කටට නම් හෙන ගහලද කොහෙදෝ . අම්මත් කිව්ව තමයි මන් ඉපදෙන දවසේ රටේ පැත්තකට නියගයක් ආවාය . ඉතුරු පැත්තට සුනාමියක් ආවාය . රට මැද ගංවතුර ගැලුවාය වගේ ඒවා .

"ලමයි අහගන්න ඔයාලගේ බොහෝ දෙනෙක්ගේ ලකුනු මදි . " ඔහොම පටන් ගත්ත ටීච පන්තියේ කොනේ හිටපු බලු මැක්කටත් බැන්නා .

"ජන්මි ඔයා ! . ඔයාගේ ගනන් වලට ලකුනු මදි . ඉතින් ජිමින්  ඔයාට බැරිද ජන්මිට ගනන් උගන්නන්න"

"මිස්.." ජිමින්  කිව්වා

"අනේ ජිමින්  මේක මගේ ඉල්ලීමක් . ඔයාගේ වැඩ වලට බාදා නොකරගෙන කරන්න"

මිස් කියනවා එක්කම ජිමින්  ඔලුව වැනුවා .

ඇයි යකෝ නරකට හිටී මන් වගේ අහිම්සකයෙක්ට උගන්නව්වම . ඒකත් කමක් නෑ කියමුකෝ යකූ තාරාවා විතරද මට ගනන් උගන්නන්න ඉන්නේ . අහෝ මේම කුරිරු ලෝකයක්

.

.

.

.

"Jungmi ඔහොම ඉන්නවා"

කන්න ඕනවට දුවන්න ගිය අසරන මාව නැවතුනා අරයගෙ කුන්ච නාදෙන් .මන් හිමීට ඒ පැත්ත හැරුනා . එදා හිනා උන එකට කන පලයිදෝ කියලා දරුනු සැකයකුත් නොතිබුනාම නෙවේ .

"'හෙට ඉදන් ලයිබ්‍රරි එකට එනවා "

"ම්.. ඒක වහලා .මොකද ඒකෙ හිටපු මිස් ව මාරු කරලා" මන් ඉතින් පොඩ්ඩක් සන්වරව කිව්වා .

"මම තමුසෙට කිව්වේ පබ්ලික් එකට එන්න කියලා" ඒ යකා එහෙම කියලා මටත් ගස්සගෙන ගියා . හම්මේ ඉතින් ඒ පස්ස . ඒ උනාට බලාම්කෝ තාරාවගෙ ගනකම . යසයි යසයි හැබැයි මටත්

මාත් ඉතින් පතෝලේ වගේ වැනි වැනී ගෙදර ගියා . දැන් ඉතින් එහා ගෙදර ඇන්ටි අපේ අම්මට කියලා ඇති එයාගේ දුවගේ බල මහිමයෙන් බිල් ගේට්ස්ව පරද්දන හැටි . හිතුනොත් සුමනපාල එක්ක පැනලා යනව මම හුම්..

pjm pov

ඔක්කොගෙම විකාර ඉවර වෙලා ගෙදර ආවම එතන තමා ලොකුම විකාරෙ

"තමුසේ දැන්ද එන්නේ ජිමින්  . කාත් එක්කද වටේ ගියේ . ටේමිනුත් ඇවිත් ඉවරයි" ජන්වොන් හ්‍යුන්ග් කිව්වා

"ඇයි යකෝ අප්පට වත් නැති අමාරුවක් නේ තමුසෙට තියෙන්නේ" . එහෙම කියාගෙන ජිමින්  එතනින් යන්න ගියේ ජන්වොන් හ්‍යුන්ග් වත් හප්පගෙන .

(ජිමින් ගෙ හ්‍යුන්ග් ජින්.

කුඩම්මගෙ ලමයි තමයි ටේමින් , ජන්වොන්)

Miracle | PJMWhere stories live. Discover now