අලුපාට ගැන !

12.3K 818 43
                                    

මෙම කතාව හරහා කතුවරිය විසින් පාඨකයාට දෙන පණිවිඩය :

කෙනෙක් වෙනුවෙන් යමක් කරනවා නම් ... 
බලාපොරොත්තු විරහිතව එය සිදු කිරීමට තරම් නිහතමානී වන්න..
එහි අවසන් ප්‍රතිඵලය ..
ඔබට ලැබිය යුතු උපරිමෙන්ම ලැබෙනවා නියතය !!

_______________

ඉතා කෙටි කාලයක් තුල ජීවිත්වීම නම් වූ කාල පරිච්චේදය අතරමැද ,
ඔබට මුණ ගැහෙන්නා වූ කොයි යම් වූ ආකාරයේ මිනිසකු වේද ;
බලාපොරොත්තු විරහිතව ඔවුනට ප්‍රේම කරන්නා ..
විශ්වීය සැනසීමක් ලබන අද්විතීය උන්මන්තකයෙකි !!

මා එසේ කී අද්විතීය උන්මන්තකභාවය පිහිටනුයේද .. කලාතුරකින් එකෙකුට වීමද සැනසීමකි ..

Asthawara ( අස්ථාවර ) TK One Shot

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Asthawara ( අස්ථාවර ) TK One Shot


අස්ථාවර ස්වර පෙලක්
අන්තරාවක පටලලා...
නොලී පෙම් කවක්
ලියන්නට සිදුවුණා....

විරාගී ආලයට
ප්‍රේමයම රසවෙලා..
නාදුනන ක්ෂිතිජයක්
හිත ළඟම වැතිරුණා....

____________________________________________

අස්ථාවර song එක අහන වාරයක් ගානෙ මට දැනුන සමහර හැඟිම් පිට කරගන්න මම විදියක් හෙව්වා..
ඒ සින්දුව ඇතුලට කතාවක් ඔබවන්න මට ඇත්තටම උවමනා උනා..

ඉතින් මේ තමයි ඒ ආරම්භය !

කැමති අයට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා..
බල කිරීමක් නැහැ..

ගලාගෙන යන වයිබ් එක ටිකක් වෙනස් වේවි..
කතාව මැදදි පුංචියට අලු පාටකින් වැහෙන්න ගනීවි ..
ඒත් කියවන්න..
ඒත් මේක ඉවර වෙද්දි ඔයත් සමහරවිට අලුපාටට ආදරේ කරන්න අරගෙන තියේවි..

එහෙම උනොත් අනිවාර්‍යෙන් පසුවදන යට කමෙන්ටුවක් රඳවලා යන්න...

මෑතකදි ඇස් පනාපිට දැකපු දෙයක් තියෙනවා...ඒක
හිතෙන් මකාගන්න බැරි තරමට මගෙ හිතට තදේටම දැනුනා..
ඉතින් ඒක කතාවකට පෙරලන්න ආස හිතුනා..

අඩුපාඩු ඇති..සමාව ඉල්ලනවා..

කතාවෙ නම් ගම් ස්ථාන නාම එක්ක මට ඇත්තටම කොරියන් නමක් යූස් කරන්න අමාරුයි..සමහර තැන් වලදි ලංකාවෙ දේවල් එක්ක ගැලපීමක් නෑ කියන එක මට තේරුනු නිසා ලංකාවෙ නම් යූස් කරනවා..

..මේක වන් ශොට් එකක්..දුර යන්නෙ නැහැ..දුර යන්න තරම් ලොකු ප්ලොට් එකකුත් නෑ..සිද්දි දෙක තුනක් එක්ක ගෙතුනු ආදරයක් ගොඩගන්න විතරයි මට ඕනි...

මේ වයිබ් එකට කැමතියි නම්..එකතු වෙන්න..



-සනී
2023.07.31

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now