10 ¡ !

3.9K 591 265
                                    


වසර දෙකකට පසු ...❟

නම නැති හාවයක ආයාචනානුඹේ නුවන් දිහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම නැති හාවයක ආයාචනා
නුඹේ නුවන් දිහා..
මා වරනා රැයක සිහිනෙන් පවා
නුඹෙන් නෑ ආරාධනා...
නම රැඳෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා..
මා යනවා නු-



' ගැයුමා !!... '

' ගැයුමා..මචං උඹට කෝල් එකක් ... '
ගෝල් ෆේස් එකේ පුරුදු කොන්ක්‍රීට් බංකුව උඩ ඉඳගෙන අදත් කල්පනාවක අතරමං වෙලා හිටපු මං රැහැනාගෙ කෑ ගැහිල්ලට ආපිට හැරිලා ෆෝන් එක අතට අරගත්තා...

නම නැති භාවයක ආයාචනා
නුඹේ නුවන් දි...
ළඟින් ගිය කෙනෙක්ගෙ රින්ග්ටෝන් එකක් ...
යන යන තැන මේ දවස්වල ඇහෙන එකම සින්දුව !!
රිලීස් කරලා මාසයක් යන්න කලින් මේ තරම් හිට් වෙයි කියලා නිකමට වත් හිතුවෙ නැහැ...ඒත් ඒක එහෙම වෙලා...
ලොකු හුස්මක් හූල්ලන ගමන් ෆෝන් එක කන ළඟට අරගත්තා..

" ඔව් .... "



' විසල් !? '



" ඔව් කියන්න.. "



' සමාවෙන්න ඕන මේ රෑ වෙලාත් කරදර කරනවට ...
මං ආයෙම මේ කතා කලේ...... ,
හෙට කොන්සර්ට් එක ගැන මතක් කරන්න...? '



" ආ ඒක ප්‍රශ්නයක් නැහැ ..මට මතකයි ..අපි පාන්දර වගේ පිටත් වෙනවා.. "



' හරි තැන්ක්‍යූ ... '


"හරි "

මම ෆෝන් එක ආපිට රැහැනාට දෙන ගමන් අතේ තිබුනු පුංචි නෝට් එකේ අකුරු පේලි ටික දිහා ලා හිනාවක් එක්ක බලාගෙන ඉඳලා ,
ඒක ආයෙම නවලා පර්ස් එකේ පුරුදු පොකට් එකට පරිස්සමෙන් දාගත්තා...

(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Where stories live. Discover now