හුළඟත් එක්ක තරඟෙට බිඳෙන රැලි එකින් එක ඇවිත් කොන්ක්රීට් බැම්මෙ වැදිලා පෙනත් එක්ක නැතිවෙලා යනවා...රැල්ලට ගහගෙන එන පොඩි පොඩි සිප්පි කෑලි වැල්ලෙ නතර වෙද්දි , රැල්ල ගෙනාපු මුහුදු වතුර ටික ආයෙම ඉමක් කොනක් නැති කිෂිතිජ රේඛාව දිහාව බලා යන්න යනවා...
අන්තිමට ඒ මහ සාගරේටම මොනවද ඉතුරු ?
තමන්ගෙ ළඟ තියෙන සේසතම සැරෙන් සැරේ ගෙනත් වෙරලට දිලා හිස් අතින් ආයෙ යනවා..
කිසිම කහටක් නෑ එයත් දෙනවා..
එක් වෙන්න බැරි බව දැන දැනත් රැල්ල වෙරලට දෙන ආදරේ අඩුවක් නැතුවම දෙනවා...
වෙරල කියලාත් මක් කරන්නද !?
රැල්ල දෙනකොට අරන් අරන් වැලි යට හඟවගන්නවා...ඒ උන්ගෙ ආදරේ ....
උනුත් හරියට අසම්මතේට හංවඩු ගහන සම්මතේ වගේ...එනවා තප්පරයක් වත් රැඳෙන් නෑ...ආයෙම යනවා..
වැල්ල එක තැනක හිරවෙලා..කොහාටවත් නොයා එකම තැන ඉන්නවා..ඉතීන්න් නිදහසේ ඉන්න එකා ලඟට එනවා..මොනවදේ දෙනවා...වැල්ලත් ඒක හඟවගන්නවා..රැල්ල වෙරලට රහසින්ම ආදරෙයි කියනවා...අනේ ආයෙම යන්න යනවා...
උන් දෙන්නට තප්පරයක් වත් ළඟ ඉන්න බෑ..ඉන්න අවසරත් නෑ...
උන්ගෙ දරාගැනීමම පුදුමයි...රැල්ල හරි ඉවසිලිවන්තයි..වෙරල නිහඬයි..ඒත් ආදරේ බරයි...හිමි නැති උනත් ඒ ආදරේ ගැඹුරුයි..උන්ටත් දරාගන්න බැරි වෙලාවල් එනවා...වෙන මඟුලක් වෙච්චාවෙ අපි අපේය කියලා රැල්ල ඇවිදින් වෙරලම බදාගන්නවා...මක්ක කරන්නද ... ඒ උන්ගෙ ආදරේ...
ඉතින් අහවරයි !!පෙලක් උන් සුනාමි සුනාමියි කියාගෙන පරල වෙවී බඩ පපු අල්ලන් හූල්ල හූල්ල රැල්ලටම බනිනවා... උන් කලේම හිතක් පපුවක් නැතුව රැල්ලටම දොස් කියන එක නෙවෙයිද !?..
උන් මොහොතකට හිතුවා නම්..රැල්ල පරල වෙන්න හේතුව උන් මයි කියලා...කියන කට මොකටද ! උන් බලන්නෙ එක කෝණෙකින් විතරක්ම වෙනකොට....
මමත් ඉවරයක් නැතුව සිතිවිලි මුමුණන හිත අල්ලගෙන පිටින් තට්ටුවක් දැම්මා...මට ඕනි උනේ එයාව ටිකක් සන්සුන් කරන්න..
රැල්ල දිහා බලන් උන්නු තප්පරේට මගෙ පපුව පන දුන්න සිතිවිලි ටොන් ගනන්..
ඒවා හිතට දැනෙද්දි පපුවත් හරි බරයි...ඒත් නිවතුවක් නෑ....මම නතර නොකලා නම් තවත් මොනා මොනා හරි මුමුණාවි...
YOU ARE READING
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
Fanfictionඅලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story