2028 මැයි රත එකුන් විසි රිවිදා ....
මීදුම් හරිත උයනේ ධවල පැහැ පුංචි පැලේ සිට..ප්‍රේමණීය සහෘද අලුපාටට ආදරෙන් ,
දවස් ගෙවෙන ඉක්මනට සීමා පනවන්න උවමනාව මේ දවස්වල නොසෑහෙන්න වැඩිවෙන ගමන්..
දැනටමත් හවස හතරට කිට්ටු වෙන්න, විනාඩියේ කාල කටුව පනින්න උවමනා හරියටම කාලයි..
ඔන්න..මීදුම ටිකින් ටික කාමරේ අස්සටත් ඔලුව ඔබාගෙන.!!.හිරිගඩු දෙක තුනක් පිපීගෙන එනකොට තමයි සිහියට ආවෙ..!!.නාලා ඇවිදින් මේ මහත්තයා තවම උඩුකය නිරුවතින් නේන්නං..මැණිකෙ බැරිවෙලා හරි මෙතනට ආවොත් හරි අගේට දොසක් අහගන්න තිබුනා..
හරි අහ්ම්...එහෙම තමා මේ මනුස්සයා දැන් දැන් නොසෑහෙන්න වයසයි නෙව..සමහර වෙලාවට අමතක වෙනවා..වයසත් එක්ක ටික ටික සිහි නැති වෙන එක සාමාන්‍ය දෙයක්..
හා..බොරුයිද !?
කොහෙද අපෙ උන්දැ එක්ක ඕවා කරන්නෙ !! පොඩ්ඩ ඇත්තන් දොසේනෙ බැරි...එහෙමයි කියලා අපි වයස්ගත වෙන එක නවත්තගන්නද ? බෑ බෑ...තප්පරයක් ඉන්න ..ජනෙල වහලා එමු..එහෙම නැති උනොත් හිරිගඩු පිපිලා ලියමනේ අකුරු විකෘති වෙන්න පුලුවන්..
.
.
.
" කැහ්ම් කැහ්ම්..."
අපොයි මේ කැස්ස !! උගුර අස්සෙනුත් ලේ රසයි ..අපෙ මැනිකෙට , හොරාට හිතුවක්කාරකමට නාන මනුස්සයෙක් ඉන්න එක නම් හරිම නරක දුකක් තමයි....අන්න...මොකුත් නොකියම සුදු අම්මාව බලලා එන්නයි කියලා ගියා..
අපෝ මොකද මං නොදන්නෙ..හොඳටවත් මූන දෙල් ගැටයක් කරගෙන යන්න ගියෙ ඔය මා එක්ක තරහට ! අනේ අනේ ..හරි අගෙයි...ඔය ඇත්තොන්ගෙ විසල් කොලුවා දැන් ඔරවන වැඩේට හරි උස්තාද් කෙනෙක් ඔන්න..මා එක්ක උදේ ඉඳලා නෝක්කඩුව..කැස්සට බෙහෙත් අරගන්න එක පහු කරන එකට !! ,මේ නාකි මනුස්සයා කියලා නෑ..හරියට වැඩ රාජකාරි නෙව..ඕවා අස්සෙ මේ පුංචියට එන අසනීප වලට බැහැලා ඕවා ඔලුවෙ තියාගන්න කෝ වෙලාවක් කලාවක්...
.
.
කයිවාරු ගහන්න කලින් ලියමන ලියාගන්න ඕනා..මොකද ඔය ගිය අපෙ උන්දැ තව ටික වෙලාවකින් ආපිට එන්නත් බැරි නෑ..අපෝ මොකද මං නොදන්නෙ.... දැන් අවුරුදු ගානක් තිස්සෙ පවුල් කාලම උන්දැව හොඳ.....ට දන්නවා..
YOU ARE READING
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞
Fanfictionඅලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story