ඔව් අපි නෙක්ස්ට් වීක් ඇමරිකා යනවා...
ආ...ඒ මගේ සන්...
ඔව් මගේ ඩෝටර් ව මැරි කරන්න ඉන්නේ මිනිස්ටර් ගේ සන්.....
VIP උත්සව ශාලාවක කොනක තිබුන කවුච් එකක වාඩි වෙලා අටෝප සාටෝප වලින් පිරුණු ප්‍රභූ පැලැන්තියේ මහත්ම මහත්මීන්ගේ කතා වලින් හෙම්බත් වෙලා හිටපු සුන්දර තරුණයෙක් තමන්ගේ අතේ තිබුන වයින් ග්ලාස් එකත් කරකව කරකව ඔහේ බලන් හිටියේ සසර කලකිරිලා වගේ....
රිදී පාට දිලිසෙන ක්‍රොප්ටොප් එකකට ඇගට හිරවුන බ්ලැක් ලෙදර් පැන්ට් එකක් ඇදල හිටපු ඒ තරුණයා ඇත්තටම සරාගී සුරදුතයෙක්....
ටේහ්යුන්ග් කරුණාකරලා පොඩ්ඩක් හිනා වෙන්න උත්සහ කරන්න පුලුවන්ද?
ඒක ඇත්තටම මට ලොකු අපහසුවක්....ඔයා ඔහොම ඉන්නකොට මේ මිනිස්සු මොනවා හිතයිද?
පාඩුවේ පැත්තකට වෙලා වාඩි වෙලා හිටපු ටේහ්යුන්ග් ලගට ආපු කඩවසම් හැඩි දැඩි තරුණයෙක් එහෙමත් නැත්නම් ටේහ්යුන්ග්ගේ ෆියෝන්සේ පාර්ක් බෝගම් කියද්දී ටේහ්යුන්ග් ඔහුව සතපහකට ගණන් නොගෙන තමන්ගේ අතේ තිබුන වයින් වීදුරුවට අවදානය යොමු කළා....
තමුන් නිකන් මල ගෙදරකට ඇවිත් වගේ....ඇයි ඔයාගේ ඔය ලස්සන සෙක්සි හිනාව අපිට පෙන්නන්න බැරි...ආආ....
ඔහු තවදුරටත් ටෙහ්යුන්ග් ඉස්සරහ කියෙව්වත් ටේහ්යුන්ග් ඔහුව කිසිම විදියකින් ගණන් නොගත්තු නිසා බෝගම්ට තරහ ගියා...
මෙහෙ බලනවා පාර්ක් ටේහ්යුන්ග්....මන් තමුන්ටයි කතා කරන්නනේ....මන් උබට කතා කරනකොට මගේ දිහා බලපන්...
ටේහ්යුන්ග්ගේ කම්මුල් රතු වෙන්න තරම් තදින් අල්ලාගෙන බෝගම් තරහින් කියද්දී...තමන්ගේ මුළු ශක්තියම යොදල ඔහුව පැත්තකට තල්ලු කරපු ටේහ්යුන්ග් එතනින් නැගිටලා ගියේ බෝගම් තරහින් ඒ දිහා බලන් ඉදිද්දී...
YOU ARE READING
𝓒𝓡𝓘𝓜𝓘𝓝𝓐𝓛ᴷᴼᴼᴷⱽ🇨🇴🇲🇵🇱🇪🇹🇪🇩
Fanfictionᴍᴀᴍᴀ, ɪ'ᴍ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴀ ᴄʀɪᴍɪɴᴀʟ ᴀɴᴅ ᴛʜɪꜱ ᴛʏᴘᴇ ᴏꜰ ʟᴏᴠᴇ ɪꜱɴ'ᴛ ʀᴀᴛɪᴏɴᴀʟ, ɪᴛ'ꜱ ᴘʜʏꜱɪᴄᴀʟ ᴍᴀᴍᴀ, ᴘʟᴇᴀꜱᴇ ᴅᴏɴ'ᴛ ᴄʀʏ, ɪ ᴡɪʟʟ ʙᴇ ᴀʟʀɪɢʜᴛ ᴀʟʟ ʀᴇᴀꜱᴏɴ ᴀꜱɪᴅᴇ, ɪ ᴊᴜꜱᴛ ᴄᴀɴ'ᴛ ᴅᴇɴʏ, ʟᴏᴠᴇ ᴛʜᴇ ɢᴜʏ Topkook Bottomtae