Jungkook Taehyung දෙන්න මේ වෙලාවේ වැඩිවෙලා හිටියේ මිස්ටර් පාර්ක් ගෙ ඔෆිස් ටේබල් එක ඉස්සරහ මිස්ටර් පාර්ක් ට මුහුණලා....දෙගොල්ලොම එක වචන යක්වත් කතා නොකරපු නිසා ඒ මුළු ඔෆිස් රූම් එක ම නිහඬ තාවය කින් පිරිලා තිබුණා...
මැදි වයසේ මනුස්සයෙක් වුණ මිස්ටර් පාර්ක් තමන්ගෙ නහය දිගේ ලිස්සන තමන්ගෙ කණ්නාඩි කුට්ටම හරියට හදන ගමන් මොකක්ද මන්දා ෆයිල් එකක් එක්ක බිසී වෙලා හිටියේ තමන් ව හම්බවෙන්න බලාගෙන ඉන්න අමුත්තන්ට විනාඩි පහක් විතර බලාගෙන ඉන්න සලස්වලා....
Jungkook සුපුරුදු විඳිය ට සීතල බැලීමකින් මිස්ටර් පාර්ක් දිහා බලාගෙන කකුලක් පිට කකුලක් දාගෙන තමන්ගෙ අතේ තිබ්බ කළු පාට බැග් එකට දබර ඇඟිල්ලෙන් තට්ටු කර කර හිටියේ මෙයත් එක්ක ආවට වඩා හොඳයි අර කාමරේට වෙලා ඇදුම් නැතුව ඩිස්කො ඩාන්ස් දැම්මා නම් කියලා Taehyung ට සිය වෙනි පාරටත් හිතනකොට......
"ගන්න...!"
අන්තිමේදී ෆයිල් එකෙන් ඔළුව උස්සපු මිස්ටර් පාර්ක් අණ කරන හඬ කින් Jungkook දිහා බලද්දී කට කොනින් සිනහ වුණ Jungkook කළු පාට බෑග් එක ඇරලා කළු පාට සිල්ක් ලේන්සුව කින් ඔතපු පුංචි පොට්ටනියක් අරන් තමන්ට ඉස්සරහින් තියලා ඒක දිග හැරියා.....
ඒ සිල්ක් ලේන්සුව මත තිබුණ දේ දැකපු Taehyung ඇස් ලොකු වෙලා ගියා....
සුදු පාට දිලිසෙන පොඩි පොඩි දියමන්ති පනහක් විතර එතැන තිබුණා....Taehyung ට හිතුන විඳිය ට එතැන කෝටි ගාණක් වටිනා කමක් තිබුණා....
"වෙල් ඩන් Jungkook....වෙල් ඩන්"
මිස්ට පාර්ක් ගෙ මූණේ ඇදුනෙ Jungkook ව අගය කරන සිනහවක්.....Jungkook ව අගය කරමින් මිස්ටර් පාර්ක් ඒ දියමන්ති පිරුණු සිල්ක් ලේන්සුව ගන්න ගියත් ඊට ඉක්මන් වුන Jungkook තමන්ගෙ පොකට් එකේ තිබිලා එසැනින් ඇදල ගනිපු කිනිස්ස දියමන්ති වලට ඉස්සරහින් මිස්ටර් පාර්ක් ගෙ ඔෆිස් ටේබල් එකට කිඳා බැස්සුවෙ ක්ෂණයකින් පාර්ක් තමන්ගෙ අත අරගෙන දරුණු බැලීමකින් Jungkook දිහා බලද්දී....
YOU ARE READING
𝓒𝓡𝓘𝓜𝓘𝓝𝓐𝓛ᴷᴼᴼᴷⱽ🇨🇴🇲🇵🇱🇪🇹🇪🇩
Fanfictionᴍᴀᴍᴀ, ɪ'ᴍ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴀ ᴄʀɪᴍɪɴᴀʟ ᴀɴᴅ ᴛʜɪꜱ ᴛʏᴘᴇ ᴏꜰ ʟᴏᴠᴇ ɪꜱɴ'ᴛ ʀᴀᴛɪᴏɴᴀʟ, ɪᴛ'ꜱ ᴘʜʏꜱɪᴄᴀʟ ᴍᴀᴍᴀ, ᴘʟᴇᴀꜱᴇ ᴅᴏɴ'ᴛ ᴄʀʏ, ɪ ᴡɪʟʟ ʙᴇ ᴀʟʀɪɢʜᴛ ᴀʟʟ ʀᴇᴀꜱᴏɴ ᴀꜱɪᴅᴇ, ɪ ᴊᴜꜱᴛ ᴄᴀɴ'ᴛ ᴅᴇɴʏ, ʟᴏᴠᴇ ᴛʜᴇ ɢᴜʏ Topkook Bottomtae