ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර දෙකක් විතර ලොකු හොඳට නඩත්තු කරන බව පෙනෙන ලස්සන වගේම පිළිවෙල තණ පිටියක් මැද තිබුණ නවීන පන්නයේ තට්ටු තුනේ විශාල ගෙදරක මේ වෙන්කොට හැමදාමත් උදේ පුරුදු පරිදි අහෙන ඒ ගෙදර මමා ගෙ කලබලකාරී හඬ ඇහුනා.....
ඒ කලබලකාරී හඬ ට හේතු උනේ එයාගෙ ලමයි තුන් දෙනාව උදේ ට ඇහැරවන එක ඒතරම් ලේසි පහසු කාර්යයක් නොවීම..... ඒ ගෙදර මේඩ් ලා පවා එහෙ මෙහෙ දුවමින් තමන්ට අදාල වැඩ කටයුතු වල කඩිසර ව යෙදුනෙ සමහර වෙලාවට පොඩිම හරි වැරද්දක් ඔවුන් අතින් වුණොත් එයාලගෙ සර් ට සැහෙන්න තරහ යන නිසා....
"දැන් නැගිටින්න... කෝ...ඉක්මනට....Jeon Jungwon...!මන් ආයේ කියන්නේ මෙහෙම නෙවෙයි...."
"නැගිටින්න මයි ප්‍රින්සස්....මයි ගුඩ් ගර්ල්....!"
"හයත් පහු වෙලා...නැගිටින්න...කෝ...ඔයාට ස්කූල් යන්න ලේට් වේවි හැබැයි...."
රූම් එකෙන් රූම් එකට මාරු වෙවී බොහොම අමාරුවෙන් එයාගෙ පොඩ්ඩො තුන් දෙනා ව නැගිට්ටවල බාත් රූම් එකට යවපු ඒ ගෙදර මමා ඉක්මනින් කිචන් එකට ගියේ බ්‍රෙක්ෆස්ට් රෙඩි ද බලන්න.....ඒකත් බලලා ආයිමත් උඩට ගියපු මමා දැක්කේ එයාගෙ පොඩ්ඩො තුන් දෙනා දැනටමත් රෙඩි වෙලා ඉවරයි කියලා....
"Happy anniversary Mama...!"
අවුරුදු දහයක් විතර වුන පොඩ්ඩො තුන් දෙනා ගෙන් වැඩිමල් ම පොඩ්ඩ රතු පාට රෝස මලක් එයාගෙ මමා ට දෙන ගමන් කියද්දී එයාගෙ මමා ඇදගෙන හිටපු රෝස පාට ෂර්ට් එකටත් වඩා රෝස පාට උනා....අවුරුදු 38 ක් උනත් එයාලගෙ මමා නම් තවමත් පොඩි කොල්ලෙක් වගේ හරිම හුරතල් වගේම හරිම ලස්සනයි....
"Happy anniversary mama!"
තමන්ගෙ අයියව අනූගමනය කරපු අවුරුදු අටක විතර පොඩ්ඩත් එයාගෙ මමා ට රතු රෝද මලක් දෙද්දී එයාලගෙ මමා එයාගෙ කොන්ඩෙ අවුස්සලා ඔළුව අත ගෑවේ හරිම ආදරෙන්....දැන් මමාගේ ළඟ රෝස මල් දෙකයි....
"ඇපි ඇනිවසලි මමා....! "
මමා ගෙ දණ හිස් ගාවට විතරක් යාන්තම් උස උන අවුරුදු පහක් වයස, මේ ගෙදර පොඩිම පොඩ්ඩ වගේම මේ ගෙදර සුරංගනාවි එයාගෙ මමා ට රෝස මල දික් කරද්දී එයාගෙ මමා එයාව වඩා ගත්තේ අනිත් පොඩ්ඩො දෙන්න වත් එයට ලං කරගන්න ගමන්....එයාගෙ අතේ දැන් රෝස මල් තුනයි....
YOU ARE READING
𝓒𝓡𝓘𝓜𝓘𝓝𝓐𝓛ᴷᴼᴼᴷⱽ🇨🇴🇲🇵🇱🇪🇹🇪🇩
Fanfictionᴍᴀᴍᴀ, ɪ'ᴍ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴀ ᴄʀɪᴍɪɴᴀʟ ᴀɴᴅ ᴛʜɪꜱ ᴛʏᴘᴇ ᴏꜰ ʟᴏᴠᴇ ɪꜱɴ'ᴛ ʀᴀᴛɪᴏɴᴀʟ, ɪᴛ'ꜱ ᴘʜʏꜱɪᴄᴀʟ ᴍᴀᴍᴀ, ᴘʟᴇᴀꜱᴇ ᴅᴏɴ'ᴛ ᴄʀʏ, ɪ ᴡɪʟʟ ʙᴇ ᴀʟʀɪɢʜᴛ ᴀʟʟ ʀᴇᴀꜱᴏɴ ᴀꜱɪᴅᴇ, ɪ ᴊᴜꜱᴛ ᴄᴀɴ'ᴛ ᴅᴇɴʏ, ʟᴏᴠᴇ ᴛʜᴇ ɢᴜʏ Topkook Bottomtae