ටේහ්යුන්ග් හිටියේ තමන්ගේ ආදරණිය බෝයිෆ්‍රෙන්ඩ් ගේ ශක්තිමත් පිටට කම්මුලත් තද කරගෙන තමන්ගේ අත් දෙකෙන්ම ඔහුව බදාගෙන....
හුලන් කපාගෙන වේගයෙන් ඉදිරියට ඇදෙන බයික් එකේ වේගය ටේහ්යුන්ග්ට ගානක් වුනේ නැහැ...ඔහු දැන් ගොඩක් සතුටින්...ඔහුට දැනුනේ ඔහුගේ මුළු ලෝකෙම සම්පූර්ණයි වගේ....දැන් ඔහු නිදහස්....
මිට මාස දෙකකට විතර කලින් ටේහ්යුන්ග්ට ගෙදරින් ගෙනාපු ප්‍රපොසල් එක ගැන ටේහ්යුන්ග් ජන්කුක්ට දැනුම් දුන්නම ජන්කුක්ගේ මුල්ම ප්‍රශ්නේ වුනේ....
ඔයා ඒකට කැමතිද නැද්ද?
කියන එක...ඒ ප්‍රශ්නෙට ටේහ්යුන්ග්ගේ උත්තරේ නැහැ කියන එකදැන ගත් සැනින් ජන්කුක් කිව්වේ....
ඔයා කලබල නොවී ඉන්න....මන් ඔක්කොම බලාගන්නම්....
එතකොට අද මේ දැන් ටේහ්යුන්ග් ජන්කුක්ගේ බයික් එකේ ඉන්න හේතු වුනෙත් ජන්කුක්ගේ ප්ලෑන් එකක්ම තමයි....
ටේහ්යුන්ග්ට මතක් වුනේ මිට අවුරුදු එකහමාරකට විතර කලින් ක්ලබ් එකේදී අහම්බෙන් වගේ ජන්කුක්ව මුණ ගැහුන හැටි....එදා ඔහුව හමු නොවෙන්න ටේහ්යුන්ගේ ජිවිතේ සම්පූර්නෙන්ම කණපිට ගැහෙන්න ඉඩ තිබ්බා....
එදා තමන්ගේ හොදම යාළුවා වෙච්ච ජිමින් එක්ක ටිකක් විනෝද වෙන්න කියල ක්ලබ් එකට ආපු ටේහ්යුන්ග් තව පොඩ්ඩෙන් නාකි මනුස්සයෙක් අතින් විනාස වෙනවා....එදා හරිම වෙලාවට ඇවිත් ජන්කුක් ටේහ්යුන්ග්ව බේරාගන්නවා....
එක අතකින් ටෙහ්යුන්ග් ඒ නාකි මනුස්සයට ස්තුතිවන්ත වුනා...ඒ මනුස්සය නැත්නම් ටේහ්යුන්ග්ට ජන්කුක් හමුනොවෙන්න ඉඩ තිබ්බා....
ඒ සිද්දියෙන් පස්සේ හැම දවසකම අනිවාරෙන්ම ක්ලබ් එකට එන්න ටේහ්යුන්ග් පුරුදු වුනේ ජන්කුක්ව බලන්න තියෙන වුවමනාව නිසාමයි....ඔව් ටේහ්යුන්ග්ට ජන්කුක් දැකපු ගමන් ආකර්ශනයක් ඇති වෙනවා...ඒත් ටික දවසක් යනකොට ටේහ්යුන්ග්ට තේරුම් යනවා එක සාමාන්‍ය ආකර්ශනයක් විතරක් නෙමෙයි ඔහුගේ හිතේ ඔහු ගැන ආදරයක් ඇති වෙලා කියල....
YOU ARE READING
𝓒𝓡𝓘𝓜𝓘𝓝𝓐𝓛ᴷᴼᴼᴷⱽ🇨🇴🇲🇵🇱🇪🇹🇪🇩
Fanfictionᴍᴀᴍᴀ, ɪ'ᴍ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴀ ᴄʀɪᴍɪɴᴀʟ ᴀɴᴅ ᴛʜɪꜱ ᴛʏᴘᴇ ᴏꜰ ʟᴏᴠᴇ ɪꜱɴ'ᴛ ʀᴀᴛɪᴏɴᴀʟ, ɪᴛ'ꜱ ᴘʜʏꜱɪᴄᴀʟ ᴍᴀᴍᴀ, ᴘʟᴇᴀꜱᴇ ᴅᴏɴ'ᴛ ᴄʀʏ, ɪ ᴡɪʟʟ ʙᴇ ᴀʟʀɪɢʜᴛ ᴀʟʟ ʀᴇᴀꜱᴏɴ ᴀꜱɪᴅᴇ, ɪ ᴊᴜꜱᴛ ᴄᴀɴ'ᴛ ᴅᴇɴʏ, ʟᴏᴠᴇ ᴛʜᴇ ɢᴜʏ Topkook Bottomtae