මේ අයිසේ හැන්දදිගේ තමුසෙගේ මොලෙ අම්මපා හැන්දක් තරම් වත් දිග නැද්ද... ඇය බම් උබ දැන් අවුරුදු දෙකක් තිස්සේ මගේ revision class එනවා නේද.. ඒ ඇවිල්ලත් තාම මේ සමීකරණ හදාගන්න බැරිද..
ඩෙවියනි ඔබ මැව් ලොව කුරිරුයි... පහනා ලගයි ආලෝකා දුරයි.... පහනා කියන්නේ මේ ගිරිය කඩන් මට කෑගහන මගේ ආදර සදාදර ඇදුරුතුමානෝට. මම අපේ අම්මට පැහැදිලි සිංහලෙන් කිව්වා අර කාණුවෙන් ගෙනාව කෙල්ල ඩොකෙක් වුනාට මට කොන් ඩොකෙක් වත් වෙන්න බෑ කියලා.. මේ කිසි දෙයක් නෑනේ නිදහසේ මට මගේ කැමැත්තට art කරන්න දුන්නා නම්.. මොනවා වුනත් සර් මට හෙන ආදරෙයි. ඔය බැන්නට බනින්නේ ආදරේට නේ... අනේ ඉතින් ලමයි හාරපන්සීයක් මැද බැනුම් අහලා විලිලැජ්ජ නැතුව මමත් මහ මෝඩ හිනාවක් දාලා සර් එක්ක හිනා වුනා.. සර් වුනත් තේරුම් ගන්න ඕන මගේ වාතාවරණය ගැන.. මේවා මම හිතලා කරන වැඩ නෙමිනේ..
පැය ගානක් පස්සේ කරගැට එනකම් තැපන් ඉදලා ඉදලා ඉදලා ඔන්න ඉතින් interval එකක් ලැබුන ගමන් මම ලකිදුවත් දාලා ඉතා සිග්‍රයෙන් දිව ගියේ වැසිකිලිය වෙතයි... මොනවා කරන්නද හැම බරටම වඩා මේ බර ලොකුයිනේ... කරුමේ කියන්නේ එතන පෝලිම තියනවා ආයේ සමුපකාර පෝලිම වගේ.. දැන් ඉතින් මේකට යන්න හිටියොත් බහිශ්රාවීය
පද්ධතිය බිද වැටිලා මෙතන ගද ගස්සලා තමයි නවතින්නේ.. වේන් හිත හිත ඉන්න එපා ලැජ්ජාව අමතක කරලා දුවපම් පෝලිම කඩාගෙන කියලා මගේ හිත කියද්දී මම ඉදපු උන් සේරම පහු කරන් ඇතුලට රිංගලා දොරත් ලොක් කරලා ඉවරයි.. කොහොම හරි ගියා වගේ නෙමි රෙද්දක් ඇදන් ආයේ කොහොමද මේකෙන් එලියට එන්නේ... මම හැරුන තැපෑලෙන් දොර ඇරගෙන දිව්වා දිවිල්ලක් ආයේ නෑ හුසේන් බෝල්ට් ඇණ වගේ... දුවපු දිවිල්ලට නැවතුනේ නම් හොද තැනක නෙමි.. ඇයි ඩෙයියනි මේ තරම් ලමයි ඉන්න class එකේ මම මුගේ ඇගේම ගිහින් හැප්පෙන්නේ... මම මුයි ගිය ආත්මේ ගාල්ල මාතර ප්‍රයිවට් බස් එකකි CTB බස් එකකිද කොහේද යන යන තැන හැපෙනවා ගැටෙනවා.. මූත් දැනගන්න ඕන විභාග ලිව්වා නම් ඒවා පාස් වුනා නම් දැන් නීති විද්‍යාලයට යනවා නම් මේවා පල්ලේ ආයේ නෑවිත් ඉන්නේ.. මුගේ කෑල්ල ඉන්නේ මෙහේද දන්නේ නෑ මු ස්වේච්ඡාවෙන්ම මෙතන ටික්කා වැඩේ බාර ගත්තේ.. යකෝ මගේ කරුමෙට මූ එක ගමේ වුනානේ.. බලපන් මූ බලන කැත... හරියට නරියා කේජු කෑල්ල කන කපුටා දිහා බලනවා වගේ...