සමයං 19
නින්දෙන්ම වගේ කොන්ඩේ අස්සේ මොකෙක්ද දගලනවා වගේ දැනුන නිසා නිදිමතේම මම එක ඇහැක් ඇරලා බැලුවේ මොකද වුනේ කියලා බලන්න..
අනේ වේන්.. උබ තාම මේ මනුස්සයා නොදැක පැය දොළහක් ගියෙත් නෑ.. දැම්ම උබට ඌව හීනෙන් මැවි මැවි පේනවද..
මම මටම කියාගෙන ආයේ ඇස් පියාගත්තේ ඇස් ඇරලා බලද්දී ජෙනුල් අයියා ඇද අයිනේ වැඩිවෙලා ඉන්නවා දැකපු නිසා...
අම්මෞ..... කිවියෝ... මට එච්චර ලවුද බන්..
ඔන්න... හරිනේ වැඩේ ඒ පාර කට හඩත් ඇහෙන්න පටන් අරන්... උබට පිස්සු හැදීගෙන එනවද කොහේද වේන්...
මම ඇස් අරින් නැතුවම හීනෙන් මට දැන් ඇහෙන කටහඩගැන කියෙව්වා. ඒත් එකපාරම මගේ තොල් කාගේහරි දත් අතර හිරවෙනවා වගේ දැනුන නිසා මම බයවෙලා ඒ කෙනාව තල්ලු කරගෙනම නැගිට්ටා..
ආ..අම්මේ.. මාව බේරගනියෞ...
ආහ්... මොන හුප්... මගේ කොන්ද.. උබට පිස්සුද බන්.. ඇයි යකෞ තල්ලු කලේ...
වටපිට බලද්දි ඇද ලග බිම මහසෝනෙක් වැටිලා ඉන්නවා...
තමුසේ... මොකක්ද මනුස්සයෝ කරන්නේ.. තා ටිකෙන් මට පපුවේ අමාරුව හැදිලා අඩු වයසින් තමුසේ කනවැන්දුම් වෙනවා.. මෝඩයා...
අනේ මේ තව කියවන්නේ නැතුව මට අත දීපන්කෝ නැගිටින්අං...
ආ.. එනවා එනවා.. අපෝ බන් අයියේ තමුෂේ නාකී සීයා කෙනෙක් වගේනේ..
ආ.. ඒහෙමද...
මම අයියට නැගිටින්න අත දුන්නම මේ තඩියා මාව ලගට ඇදලා ගත්තා.. මමත් නිකන් හුලගේ යන පරඩැලේ වගේ ගිහින් ඒකාගේ ඇග උඩටම ඇදගෙන වැටුනා.. එයා මාව එයාගේ අත්වලින් පපුවට තුරුල් කරගත්තා..
මොකක්ද බන් අයියේ කරන්නේ.. තව ටිකෙන් අත පය හතර, හතර කොනේ..
ම්... නෑ එහෙම වෙන්නේ නෑ.. මම ඉන්නවනේ අල්ල ගන්න..
ඥෑ... එහෙම වෙන්නේ ඥෑ.. තමයි.. මේ ඒක නෙමි. වෙලාව කීයද.. ඔයා මොකෝ මෙහේ.. ගෙදර කවුද ඉන්නේ.. ඒ......... අයියේ... ගේ පාලූ කරන්න හොද නෑ... නේ...
අම්මෞ.. ටිකක් හෙමින් අහපන්කෝ බන් ඔය අහන වේගෙට අහපු ප්රශ්නත් අමතක වෙනවා...