සමයං 27
දිට්ඨදම්මවේදය කියන එක මම තදින්ම පිලිගන්න දෙයක්.. ලකී දිහා බලද්දී එන හිනාව කාගෙන ඉන්න මම මාර ගේමක් දෙනවා දැන්.. මූ දත කාගෙන පාඩම් කරනවා.. හොදෑඩේ බේසිකයට.. මට හිනාවුනා එකේ විපාක තමයි ඔය.. මැදෑ මූත් මාමණ්ඩිගේ පිහිටෙන් ඔසී යන්න හිටියා.. දෙන දෙයියෝ ටොකු ඇණ ඇණ දෙද්දිම මට හිතුනා ලගදිම බබා ලැබෙයි කියලා.. ලකීගේ තාත්තගේ ලොකුකමටයි මහීමගේ තාත්තගේ සල්ලි බලයටයි පිංසිද්දවෙන්න මුන් දෙනාගේ ආදර කතාව දැන් සාලිය අසෝකමාලා වගේ වෙලා.. වෙනස තියෙන්නේ මෙතන අසෝකමාලා තමයි රාජ කුමාරී.. සාලිය තමයි ගෙදරින් පවා නොසලකා හැරපු රොඩී පුතු..
සුදේශ් අංකල් කියන්නේ බොක්කේ බත් නැතත් ඔලුව කෙලින් තියන් ඉන්න කෙනෙක්.. කෙවින් අංකල්ගේ සල්ලී ඉස්සරහා එයා නෙමි දෙකට නැවුනේ.. දන්නවද එයා කෙවින් අංකල්ට කියලා තියන දේ මොකක්ද කියලා.. "ලකී මහීම අතර තියෙන සම්බන්ධය නිකම්ම හැගීම් වලට වහල් වෙලා ඇතිකරගත්ත එකක් නෙමිනම් එයාලා දෙන්නා එකතුවෙලා ඒ දෙන්නගේ අනාගතය වෙනුවෙන් මාර්ගයක් හදාගනී. ඒ නිසා මම මගේ පුතා ඔයාලට දෙන්නේ නෑ. එයාට ඕන නම් එයා උත්සහ කරලා මහීමව ලබා ගනීවි" කියලා.. කොහොමද වදන.. ඉතින් කෙවින් අංකල් කරපු යෝජනාව තරයේ ප්රතික්ෂේප වුණ නිසා එයා ඊට මාසෙකට විතර පස්සේ මහීමව ඔසී පිටත් කලා. ඊට පස්සේ ඉදන් මූ හිටයේ හරියට අස්සයා මැරුණ ජොකියා වගේ.. මාසයක් විතර පිස්සෙක් වගේ ඉදලා කොහොම හරි දැන් මූ try කරන්නේ student visa අරන් ඔසී යන්න. ඉතින් මූ පණ දාගෙන exam එකකට පාඩම් කරනවා.. ඒ මදිවට Kells එකේ job එකකුත් කරනවා ඒවට සල්ලී හොයන්න.. ඌගේ ගෙදරින් නම් නිහඩපිලිවත තමයි අනුගමනය කරන්නේ.. මූ දැන් කැපවීමෙන් පාඩම් කරන විදිහ බලනවා කියන්නේ මට Mr. Been බලනවා වගේ..
අනේ දෙයියනේ කියලා ඩෝබී නම් නිදහස්.. ඊයේ අපේ exam එක තිබුනා.. ඒත් ඉතින් පැය 24 ඇතුලත results එනවා.. කොහොම කිව්වත් දැන් මගේ පපුව බිත්තරයක් තම්බන්න පුලුවන් සයිස් එකට රත්වෙලා.. තාම වෙලාව හයයි.. එහේ වෙලාවෙන් හවය පහට තමයි results out වෙන්නේ.. ඒ කියන්නේ මෙහේ වෙලාවෙන් 9.30 විතර වෙයි.. ජෙනුල් අයියා නම් පුල් හැපනින් පිට ඉන්නවා.. මට තමයි බය.. පෙර පිනක් තිබිලා හරි exam pass වෙලා තිබුනොත් දෙයියනේ කියලා තව මාස පහ හයකින් අපි දෙන්නා ඉගිල්ලෙනවා.. අම්මෞ මතක්වෙද්දිත් මට නිකන් බඩේ සමනල්ලූ දගලනවා..