සමයං 2

1.3K 146 23
                                    

මල කඩ කඩ පාරේ ආවේ
මලකඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ
නෑනා නුඹ නෑනේ අනේ
හෝරා කටු හෙමින් වැනේ
හුස්ම ගියත් සැපැයි දවාලේ......

අර මහසෝනා ආව නිසා දිනේත්රට talk කරන්න බැරි වුන දුකට ඌට හිතින් බැන බැන පයින්ම ගෙදර එද්දී කන පැලෙන්න සද්දෙට සිංදුවක් දාගෙන කොස්සකුත් අතේ තියාගෙන හැමදාම අදින නිල ඇදුම වෙන ෂෝටයි ටී එකයි ඇදගෙන ගේ මැද පස්ස වන වන ඉන්නවා,,,   කවුද... මගේ සංකොටේ අම්මපා අපේ අම්මා නම් වයසට ගියාට මොකද මොලේ තාම බාලාන්සයි.. අවුරුදු 47 ක් වෙලත් තාම කරන්නේ හෙන ලදරු වැඩ.. බලපම් ඉතින් මම ආව නිසා හොදයි ගෙදරට වෙන කෙනෙක් එහෙම ආවනම් ඒ මනුස්සයා බය වෙලා සන්නිය හැදිලා මල මගුලක් වෙලා.. අපේ තාත්තා කියන්න වගේ අම්මා නම් හදන්න බෑ.. එයා ඉන්නේ එයාගෙම විදිහකට.. රටේ උන් මොනවා කිව්වත් එයාට ඕන දේ එයා කරනවා.. අපි මොනවා හරි කිව්වම කියන්නේ මේ තියන එක ජීවිතේ අනුන්ට හානියක් නැත්නම් වරදක් නෙමිනම් අපි සතුටින් හිටියම මොකද වෙන්නේ කියලා.. that's my girl... අන්න අම්මලා.. ඒත් ඉතින් අපි පොඩි කාලේ නම් එයා පට්ට සැරයි.. ඉදපු ගමන් කියනවා එයා ඉස්සර බෙහෙත් පවා ගත්තලු.. පවු ඒත් දැන් එයා සතුටින් ඉන්නවා.. මට ඒ ඇති... මම ටිකක් වෙලා අම්මා දිහා බලන් හිටියා.. 47ක් වුනාට අම්මා හරි හැඩයි.. උස මහත ගානට.. දේශීය පැහැය.. දැන් නම් ටිකක් හම රැලි වැටිලා.. ඒ විතරක් නෙමි බලපල්ලකෝ පද්ද පද්ද නටන ලස්සන.. එයා ජීවිතේ විදවලා විදවලා දැන් ජීවිතේ විදිනවා.. බලන් ඉදලා  බැරිම තැන මම ටිකක් ලගට ගිහින් හයියෙන් කෑගහලා කතා කලා  අම්මට...

අම්මේ..... අම්මෞ...... සංකොටේ....

යකෞ ... මේකා... තාටිකෙන් මගේ නහරයක් පුපුපරලා මෙතනම චකබ්ලාස් වෙනවා.. ඔහොම එක පාරට කඩාපාත් වෙනවද බම්.. බයවෙනවනි...

අනේ මේ මම දැන් ඇවිත් විනාඩි පහලවක් විතර වෙනවා අම්මා මෙතන මෙලෝ සිහියක් නැතුව නටනවා නටනවා ඉවරයක් නෑනේ.. බැරිම තැන මම කතා කලේ.. මම ගිහින් සෙට් එකේ සද්දේ අඩු කරලා ආයේ අම්මා ලගට ආවා..

හා හා.. අත පය හයිය තියන කාලේ නටන නැටුමක් නැතුව වයසට ගිහින් හැරමිටිය ඇන ඇන නටන්නද..  බලපන්කෝ  යාලුවන්ගේ අම්මලා වගේද සුදු  පුතාගේ අම්මා තාම කෙල්ල වගේ ඉන්නවා.. වෙලාවකට මට හිතෙනවා ටික් ටොක් account එකක් හදලා නට නට විඩියෝ දාන්න.. මරුවට තියෙයිනේ... බොලයි තාත්තගේ ලය හත්කඩකට පැලෙයි බම්.. ඒ නැතත්  ඔය TV එකේ එහෙම ඕවා පෙන්නලා මම ජනප්‍රිය වෙලා එද්දී හෙන busy වෙයි අප්පා.. මම කැමති නෑ අනේ ඕවට..

සමයංWhere stories live. Discover now