"ඒක ගොඩාක් විනෝදයි මිනී..."
"ඔන්න කුක් බලාගෙන මට කැරකෙනවා වගේ...."
"ඔහ්...."
හවස් වෙනකන්ම මුහුද ගාව විනෝද උනු හතර දෙනා නගරයේ තිබුනු සැනකෙලියට ආවා... ඒකෙත් ජන්කුක් ජිමින් දෙන්නට ඇති තරම් විනෝද වෙන්න පටන් ගත්තා... ඇත්තටම මෙහෙම අවස්තාවක් ලැබෙනවා ගොඩාක් අඩුයි දෙන්නටම....
ජන්කුක් නිතරම ජිමින් එක්ක එලියට ගියත් එයාලා විනෝද උනේ ස්වභාවික ස්තානයක , එහෙම නැත්නම් පොත් අතර, එහෙමත් නැත්නම් ඇවිදින ගමන්, ඉතින් මෙහෙම විනෝද වෙන එකෙන් ඒ දෙන්නා ගොඩාක් සතුටු උනා....
වේගෙන් කැරකෙන කතුරු ඔන්චිල්ලාවෙන් පහලට බහින ගමන් ජන්කුක් ජිමින් එක්ක හයියෙන් හිනා උනේ දෙන්නම එහෙට මෙහෙට වැනෙන ගමනුයි...
ලොකු පෙරැත්ත මත ඒ දෙන්න එක පෙට්ටියකට නැගලා ගියේ ටේහ්යොන්ග්ට යන්න බැහැයි කියපු හින්දා නම්ජූනුත් නතර වෙනකොට...
නම්ජූන්ට කොහොමත් යන්න උවමනා උනේ නෑ, නම්ජූන්ට ඕන උනේ ජන්කුක්ගේ හිතේ තිබ්බ දුක නැති කරන්න... හොස්ටල් තියන කොලේජ් එකේ නතර වෙන්න ජන්කුක් යන නිසා ජන්කුක් නිතරම දුකෙන් හිටියේ.. ඉතින් නම්ජූන්ට ඕන උනේ ජන්කුක් ජිමින් දෙන්නට හිනා වෙන්න තව ටිකක් අවස්තාවක් හොයලා දෙන්න....
කතුරු ඔන්චිල්ලාවෙන් බැහැලා එහෙට මෙහෙට වැනි වැනි ඇවිදන් ආපු ජන්කුක්ව ටේහ්යොන්ග් අල්ලගත්තේ පැත්තකට විසි වෙන්න ගිය හින්දා...
"ස්තූතියි මිස්ටර් කිම්..."
ජන්කුක් ලාවට හිනා වෙන ගමන් කිව්වේ ජිමින් ඔක්කාර කරන ගමන් සැනකෙලි භූමියේ අයිනකට දුවන් යනකොට....නම්ජූනුත් ඒ පස්සෙන් දුවන් ගියේ ජන්කුක් තාමත් වැනෙන හින්දා...
"ඒක ගොඩාක් වේගෙන් ගියා... මට ආයෙත් යන්න ඕන..."
ටේහ්යොන්ග් ගාවින්ම එහා පැත්තෙන් ඉදගන්න ගමන් ජන්කුක් අත්පුඩියකුත් ගහලා ආසාවෙන් කිව්වම පුන්චි කහ පාට බල්බ් වලින් එලිය උන උස කතුරු ඔංචිල්ලාව දිහා ටේහ්යොන්ග් දෙගිඩියාවෙන් බැලුවා....
"ඔයාගේ යාලුවට අසනීපයි වගේ ආයෙත් යන්න බැරි වෙයි..."
"මිනී හැමදාම ඔහොමයි අනේ.. අපි වේගෙන් දුවලා බඩ කැලතුනත් එයා කට වහන් දුවනවා..."
![](https://img.wattpad.com/cover/330604861-288-k493817.jpg)
YOU ARE READING
• 𝐅𝐨𝐫 𝐘𝐨𝐮 𝐀𝐧𝐝 𝐌𝐞...•onhold
Fanfictionකුමක් වුවත්.. ඒ සියල්ල.. මා වෙනුවෙන්... කිමද ඔබ සිටින්නේ මා වෙනුවෙන් නිසා... |🇫 🇴 🇷 🇾 🇴 🇺 🇦 🇳 🇩 🇲 🇪 | ° Contains mature parts..... ________________________Dark_Sunshiner 🤍🥀 Start :2023/01/01 End :