Chapter 04 - Plan

151 14 2
                                    


"ඒ ඔයාද?" චෙන්ගේ කටහඩ සැකයෙනුයී, වේදනාවෙනුයී පිරිලා තිබුනා. චෙන් වෙව්ලන ගමන් බලන් හිටියේ ශාන්ගේ උත්තරේ මොකක්ද කියලා. ඒත් එයා කලේ සමච්චලේට හිනා උන එක.

"උබ තමා මට ඉන්න එකම හොදම යාලුවා.... උබත් එහෙම හිතනවද?"

"සමහර විට මට ඒකට ඔව් කියන්න පුලුවන් ඒත් කරන්න තියන එකම දේ ඒකද? මාව විහිලුවකට ගන්න එපා ශාන්. මෙතන මිනිස්සු සෑහෙන්න මගේ අවධානය ඔයාගෙන් ඈත් කරන්න හදනවා. අපි දෙන්නා අතර තියන සම්බන්ධේ කලින්ට වඩා දැන් ගොඩක් වෙනස්. ඔයා මං ඉස්සරහ ඕපන් කෙනෙක්. ඒ නිසා මම දන්නවා ඔයාගේ ඇත්ත ස්වරූපය." චෙන් ඔලුව වනමින් කිව්වා. "හොදයී. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් ඔයා මං දිහා බලන්නේ ඔයාගේ තරහකාරෙයක් දිහා බලනවා වගේනේ "

"මට කියන්න එපා ඔයාට ඉරිසියයි කියලා. ඇත්තටම මේක අලුත් දෙයක්"

"හැමෝටම ඕන නෑ තමුසේ එක්ක නාඩගං නටන්න. මට ඔයාට සහෝදරයෙක් වගේ ආදරේ කරන්න බැරිද? මට තමුසෙව අවංකව බලාගන්න බැරිද?"

"එහෙනං මොන මගුලකටද තමුසේ ඇහුවේ මම කාව හරි මරන්න හැදුවද කියලා. මම තාමත් අහන්නේ තමුසේ ඇත්තටම මට ආදරෙයිද?"

"ශාන්, මගේ දිහා වෙනස් විදියකින් බලන්න එපා. මම තාමත් ඔයාගේ උත්තරේ බලාපොරොත්තුවෙන් ඉන්නේ" ඒක නම් චෙන් කීවේ කේන්තියෙන්.

"මං උත්තර නොදුන්නොත් ඔයා මොකද කරන්නේ?" ශාන් චෙන්ගේ උරහිසට පැන්නා එයා වේදනාවෙන් කැගහද්දි ශාන් එතනින් පිටවුනා. ඒත් චෙන් හිටියේ දුකින්. ශාන්ගේ මේ වැඩ නිසා එයාට ශාන්ව නැතිවෙයි කියලා චෙන් බය උනා.

ලුසි එනකල් මග බලන් ඉදලා බැරිම තැන චෙන් එහාට මෙහාට ඇවිදින්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ලුසි එනකල් මග බලන් ඉදලා බැරිම තැන චෙන් එහාට මෙහාට ඇවිදින්න ගත්තා. ඒ අතරේ එයා දැක්කේ ඒ ලගම වාඩි වෙලා ඉන්න හයිකුවාන්ව. තාමත් රේසින් කිට් එකෙන් හිටපු එයා ටිකක් දුක්මුසු මූණින් කුසලානේ දිහා බලනවා චෙන් දැක්කා. චෙන්ට එයාව මග ඇරල යන්න ඕන උනත් එයා දැනගෙන හිටියා හයිකුවානුත් මොකක් හරි දෙයක් ගැන දුකින් ඉන්නේ කියලා. චෙන්ට ඕන උනා හයිකුවාන් එක්ක කතා කරන්න. මීට කලින් ඒ දෙන්නා සැහෙන්න වතාවක් කතා කරල තිබුනා. හැබැයී ඒ ජර්නලිස්ට් කෙනෙකුයි රෙස්පොන්ඩන්ට් (වග උත්තරකරුවෙක්) කෙනෙකුයී විදියට. ඒත් කිසිම විදියකින් පෞද්ගලිකව කතා කරල තිබුනේ නැ.

MAKE ME FEEL - SINHALA TRANSLATION (Slow Upadate)Where stories live. Discover now