"Gege, මට රිදෙනවා" යීබෝ කෑගහ ගහ නියපොතු වලින් ශාන්ගේ අත හූරන්න ගත්තා. එයාගේ මූණ දරාගන්න බැරි වේදනාවකින් වෙව්ලන්න ගත්තා. "ප්ලීස් නවත්වන්න. මට දරාගන්න බෑ" "යීබෝ, මගේ දිහා බලන්න වස්තුව" ශාන් කෝල් ඔප්ශන් එක ටච් කරන ගමන් කිව්වා. "තව ටිකක් ඉවසන්න. ඩොක්ටර්ස්ලා අපිට උදව් කරාවි" කියන ගමන් ශාන් යීබෝගේ කම්මුල සිපගත්තා. "මොනවා වෙයිද ශාන්? මම හොඳ වෙයිද නැත්නම් මගේ තත්වේ තවත් නරක අතට හැරෙයිද? මට බයයි Gege" යීබෝ වෙව්ලන එක නවත්තගන්න ශාන්ගේ කොලර් එක තද කරලා අල්ල ගත්තා. "මාව විශ්වාස කරන්න, මගේ පිස්සු කොල්ලා. ඔයා අනිවාර්යයෙන්ම හොඳ වෙනවා" ***** දුර්ලබ රෝගී තත්වයකින් පෙළෙන වන්ග් යීබෝට නිතරම ඕන උනේ අනිත් අයගෙන් ඈත් වෙලා හුදෙකලාවේ ජීවත්වෙන්න. ඒත් ගොඩක් දක්ශ වගේම කැපවීමෙන් ඉස්සරහට යන මාධ්‍යවේදියෙක් උන ශාන්ව හමු උනායින් පස්සේ යීබෝ ජිවිතේ මොන විදියට වෙනස් වෙයිද?
5 parts