first☺️

169 7 2
                                    


සුපුරුදු පරිදි මම අදත් ඇදෙන් නැගිට්ටේ නවත්තන්නෙම නැතුව වැදෙන alarm නිසා..කරන්න වැඩ ගොඩක් තිබුණත් ඇඳෙන් නැගිටින්න හිත දුන් නැත්තෙ ඊයේ රෑ වැස්ස නිසා පරිසරයට ම මහ මූසල ගතියක් ඇවිත් තිබුන නිසා..
මම කොහොමහරි ඇඳෙන් නැගිටලා වොෂ් එකකුත් දාගෙන ආපහු කාමරේට ආවේ මෙච්චර වෙලා කොට්ටෙත් බදාගෙන සිහින ලෝකෙක තනි වෙලා හිටපු මගේ යාළුවා ව ඇහැරවන්න හිතාගෙන ...
"ඒ සුදූ නැගිටින්න .අද වත් කලින් යමු. මේ ටිකේම වැස්ස නිසා අපි දෙන්නා පරක්කු වුණා.."
එහෙම කියලා යාළුවා ව ඇහැරවන්න ට්‍රයි කරාත් එයා නං නං නැගිටින පාටක් තිබුණේ නෑ. මම ටිකක් ළඟට ගිහිල්ලා බලද්දි තමා දැක්කේ එයාට හොදටම උණ..
" අයියෝ කෙල්ලෙක් මම කිව්ව නේද රෑ වෙනකල් ඔච්චර මහන්සි වෙලා වැඩ කරන්න එපා කියලා.ඒ මදිවට ඊයේ හොඳටම තෙමුනා නේද?" උත්තරයක් විදියට මට හමුවුනේ හමු උනේ "හ්ම්ම්" කියලා පොඩි කෙඳිරිල්ලක් විතරයි. ඔෆිස් එකේ කරන්න වැඩ ගොඩක් තිබුන හින්දා මම ඉක්මනට එයාට බෙහෙතුත් දීලා කන්න කෑම ත් ගෙනල්ල තියලා ගෙදරින් එළියට බැස්සේ ඔක්කොම වැඩ ටික කලින් ඉවර කරලා හවස් වෙන්න කලින් එන්න හිතාගෙන..

...................................................................

වෘත්තියෙන් fashion designer කෙනෙක් වුණ මමත් මගේ හොදම යාළුවත් ලන්කාව දාලා මෙහෙට අවෙ පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නම මේ හීනෙට අසා කරපු නිසා.. දැන් අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු එකහමාරක් විතර වෙනවා..මුල් කාලයේ ඉන්න ටික ටික අමාරු වුනත් ටික කාලයකට පස්සේ අපි දෙන්නා මේ ජීවිතයට හුරු වුණා.. යාළුවා interor designer කෙනෙක්. දෙන්නගෙම job තිබ්බෙ creativity පැත්තට නිසා අපි දෙන්නටම එකම ඔෆිස් එකක එකට වැඩ කරන්න chance එකක් ලැබුනා .
...................................................................

යාළුවා වත් ගෙදරින් තියලා ඔෆිස් එකට ගිහිල්ලා විවේකයක් නැතුවම වැඩ කරන්න සෙට් උනේ එයාට ඉවර කරන්න තිබ්බ වැඩ ටිකත් මගේ කර උඩටම වැටුන නිසා.. මම වැඩි හරියක් මහන්සි උනේ තව සතියකින් බාර දෙන්න වෙඩින් ඩ්‍රෙස් එකත් එක්ක... ඒ ඩ්‍රෙස් එක මට ගොඩක්ම විශේශ උනෙ මේ වගේ පිට රටකට ඇවිල්ලත් ලන්කාවෙ විදිහට ඩිසයින් කරන්න ලැබුණ පලවෙනි ඩ්‍රෙස් එක ඒක නිසා.. ගවුමෙ අයිතිකාරයා බලාගන්නවත් මට බරි උනේ මේ ඔඩර් එක company එකේ කලින් ඩිසයිනර් බාර අරන් තිබිලා හදිසියේම මට බාර දුන්නු නිසා..

Again ? 💖 Sinhala / Lovestory( complete)Where stories live. Discover now