Forth😉

57 5 7
                                    

To ha nuel
" අනේ අනේ.. නිකමට වත් කියන්න තිබුනා නේද ටොම්ට නම්බර් එක දුන්නා, එයා මාව ගන්න එනවා කියලා.. ඒ මදිවට බිස්නස් නම්බර් එක දුන්නෙ ඇයි? මෙහෙම සප්රයිස් එපා යාලු.. අඩු වයසෙන් මම මැරෙයි.පන්ඩිතයා වගේ යන්නම් කිව්වට දැන් නම් මොකක්ද වගේ.."

"අමතක උන එකට සොරි but fighting 🫂👊🏻"
විනාඩියක් වත් පරක්කු නොවී මට ලැබුනු රිප්ලයි එක මේක
...............................................................
මම ගෙදරින් එලියට යද්දිත් ගේට් එක ගාව වාහනේ නවත්තගෙන ටොම් බලන් ඉන්නවා.. හොද හුස්මක් අරන් දොරත් වහල මම ඉක්මනට කා එක ලගට ගියෙ විනාඩි පහක් වෙනුවට පහලවක්ම මම අරන් තිබුන නිසා..
මම අතේ තිබුන බඩු ටිකත් අරන් පිටි පස්සෙ ෂීට් එකට නගින්න යද්දිම මම ගැස්සිලා ගියෙ එක පාරම වැදුන හෝන් එකේ සද්දෙට.. ඒත් එක්කම ෂැටර් එක පහත් කරපු ටොම් දිහාවට මම දැම්මෙ ප්‍රශ්නාර්ථවත් බැල්මක්..

" පිටි පස්සෙ බඩු වගයක් තියෙනවා.. ඔයාට යන්න අමාරු වෙයි.. ඉස්සරහට නගින්න.. අනික මම ඔය මැඩම්ගෙ ඩ්‍රයිවර් නෙමෙයි."

"ආ එහෙමද... මාර විහිලුව"

මමත් එයා කිව්ව කතාවට සකන්ඩ් නොවී පොඩ්ඩක් රවාගෙන වාහනේට නැග්ගෙ කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතුව අද එයා එක්ක මේ වැඩ ටික ඉවර කර ගන්නවා කියලා හිතාගෙන..
මම ඉදගෙන ෂීට් බෙල්ට් එක දාන අතරෙ ටොම් මගෙ ඉස්සරහට ලොකු පෙට්ටියක් දික් කරා.. ලස්සනට ව්‍රැප් කරල තිබුනත් ඒ ලොකුම ලොකු පෙට්ටිය දැකලා මම පුදුම උනා..
" ඔච්චර පුදුම වෙන්න දෙයක් නෑ.. පොරොන්දුවක් රකින්න ගෙනාව පුංචි ගිෆ්ට් එකක්..පොරොන්දුව නම් ඔයාට මතක නැතුව ඇති.. ඒත් ඕපන් කරල බලන්න.. සමහර විට මතක් වෙයි"
එයා ඒම කියලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.. මමත් පරක්කු නොවී ඉක්මනටම ඒක අන්ව්‍රැප් කරන්න ගත්තෙ මොනාද ඇතුලෙ තියෙන්නෙ බලන්න

" ඒ කියන්නෙ ඔයා දැන් පයිලට් කෙනෙක් ?"
මම එහෙම ඇහුවෙ පෙට්ටිය පිරෙන්න තිබුන චොක්ලට් දිහා බලා ගෙනමයි..
" ආ.. මම හිතුවෙ ඔයා හැම දේම වගේ ඒකත් අමතක කරන්න ඇති කියලා.. බලන් යද්දි කෙල්ලට ඒව මතකයි"

Again ? 💖 Sinhala / Lovestory( complete)Where stories live. Discover now