Laaaast😁

65 5 8
                                    

Ha nuel's pov
හන්ගෙ ඇක්සිඩන්ඩ් එක වෙලා අදට දවස් තුනක්.. දැන් හැම දෙයක්ම සාමාන්යයි.. ඒත් මගෙ කෙල්ල තාමත් ඇදේ එහෙමමයි.. ඩොක්ටස්ලා කිව්ව විදියට සිහිය එන්න මාසයක් , අවුරුද්දක් , අවුරුදු 10ක් උනත් යන්න පුලුවන්.. ඒත් මට විශ්වාසයි මගෙ කෙල්ලට ඉක්මනටම සිහිය එනවා.. එයා ශක්තිමත්

මම මෙහෙම හිතන ගමන් හන්ගෙ මූන පිහින ගමන් ඉද්දි එක පාරම රූම් එකේ දොර ඇරුන නිසා මම ඒ පැත්ත බැලුවෙ.. ඇවිත් තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි ටෙම්. එයා මාව දැකලා ආයෙත් එලියට යන්නයි හැදුවෙ

" ටොම් ටිකක් කතා කරන්න පුලුවන් ද?"

"පුලුවන් සොෆී කියන්න"

" මුලින්ම ඇතුලට ඇවිත් වාඩි වෙන්න.. ඇත්තටම එදා කනට ගහන්න වුනාට සොරි.. දුකටයි තරහටයි මට එහෙම කරන්න වුනා.. ඇත්තටම සමාවෙන්න"

"ඒකට කමක් නෑ සොෆී.. මටත් ඒ වෙලාවෙ මම එක්කම ලොකු තරහක් තිබුනෙ... මට තිබුනා එයා ලගින් තව ටිකක් ඉන්න.. යාලුවෙක් විදියට මට මම ගැනම තරහයි"

ටොම් ඒම කිව්වෙ ටිකක් අවුල් හඩකින්..

" ඇති ටොම් ඇති... මේක දැන් හොදටම ඇති... තවත් ඔයා හන්ගෙ ජීවිතේට එන්න හදන්න එපා please."

මට ඒම කියවුනේ එක පාරමයි.. මොකද මේ වුන දේවල් ගොඩකටම හේතුව එයා

" මොකක් ? ඒත් එක පාරටම ඇයි ඒම දෙයක්"
ටොම් ඒම ඇහුවෙ පුදුමෙන්

" මම මෙච්චර දවසක් මේ කතාව නොකියා හිටියෙ හන්ට එයාගෙ ගෙවුන අතීතෙ අමතක කරලා සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා.. ඒත් එයා හිත හදා ගන්න යන හැම වෙලාවකම ඔයා කොහොම හරි එතනට ඇවිත් එයාගෙ මුලු ජීවිතේම අවුල් කරනවා.. මේ ඒ දේ වුන කී වෙනි පාරද.. මෙච්චර දෙයක් වෙනවා කියලා දන්නව නම් මම ඔයාට කලින්ම මේ දේවල් කියලා හන්ව ඔයාගෙන් ඈත් කරනවා"

"ඔයා මොනවද මේ කියන්නෙ සොෆී.. මම කවදාවත් මගෙ යාලුවාට වැරැද්දක් කරල නෑ"

" ඇති ටොම්.. ඔයා ඔය යාලුවා යාලුවා කියල කරන්නෙත් වැරැද්දක්.. ඇත්තටම ඔයා ඔයාගෙන්ම අහල බලන්න හන් කියන්නෙ ඇත්තටම යෙලුවෙක්ද කියලා... ඔය දෙන්නගෙ ඔය සම්බන්දෙට යාලුකම කියන වචනෙ දාලා ඔයා කරේ ලොකු වැරැද්දක්... දන්නවද හන් ඔයාට කැමති පොඩි කාලෙ ඉදන්මයි.. දැන් අවුරුදු 15 ක් විතර.. ඒ කාලෙ පුරාවටම මොන ප්‍රශ්න ආවත් එයාගෙ ආදරේ ඒ විදියටම තිබුනා.. එයාගෙ ජීවිතේ එයා ලගට ලංවුනු මුල්ම පිරිමි කෙනා ඔයා නිසා වෙන්න ඇති. එයා ඒ කිසි දෙයක් ඔයාට නොකිව්වෙ ඔයාව නැති වෙයි කියන බයට. මට පුදුම තාමත් ඔයාට එයා පේන්නෙ යාලුවෙක් වගේද? තමන්ටම බොරු කර ගත්තා ඇති ටොම්.. please එයාට තවත් දුක් දෙන්න එපා.. පිස්සුවෙන් වගේ ආදරේ කරාට මගෙ කෙල්ල විදෙව්වා හොදටම ඇති .. තවත් නම් එපා ,"
මම එක දිගට මේ ටික කියන් යද්දි ටොම් හිටියෙ මොනවත් හිතා ගන්න බැරි විදියට මන් දිහා බලන්
" දැන් හැම දේම වෙලා ඉවරයි.. ටිකක් හරි හන්ට ආදරේ කරා නම් එයාට එයාගෙ පාඩුවේ ඉන්න දෙන්න.. ඔයා දැන් මැරීඩ් so තවත් හන්ගෙ ජීවිතේට එන්න එපා.."

Again ? 💖 Sinhala / Lovestory( complete)Where stories live. Discover now