10 වන කොටස

348 36 30
                                    


"අයියේ....."

" ම්ම්...."

" කෝ අනිත් දෙන්නා....."

" දන්නෙ නෑ....."

" යකෝ දන්නේ නෑ කියන්නේ හත්තිලව්වෙ ඒ ඉන්නෙ ඔහේගේ එක කුස උපන් සහෝදරයා නෙවෙයි ද...... "

" නෑ ......."

" න්.....නෑ..... මොනවද අනේ ඤෑ ඤෑ ගාන්නේ....... "

පැය භාගෙකට විතර කලින් ආපු නවෝදයයි මහිමයයි පේන්න නැති කොට මං සහස් ගෙන් ඇහුවේ එයාවත් උන් දෙන්නා අන්තරස්දහන් වුන දේවාලේ ගැන දන්නවා ඇති කියලා හිතාගෙන.... කොහෙද ඉතිං මේකා ගත් කටටම ඤෑ ගෑවා මිසක් එතනින් එහාට එක වචනයක්වත් ආසාවට කතා කෙරුවේ නෑ......

"අයියේ......."

" කියන්න ...... "

" මහිම අයියා ඇත්තටම අපේ උදේනිට ආදරෙයිද හලෝ......"

" ම්ම්........"

" හුම් හුම් ගාන්නේ හරියට උත්තරයක් දීපංකෝ අයියේ....."

" ඔව්....... "

" එ.... එතකොට එයා බොරු කරන්නේ නෑ නේද....."

" මං මහිම ගැන දන්නවා.....ඌ හැගිම් එක්ක සෙල්ලම් කරන ජාතියේ මනුස්සයෙක් නෙවෙයි......"

" ඒ වුනාට නවෝද් කියන්නේ මහ අමුතු චරිතයක් අයියෙ...  එයා ඉස්සර නම් ඔහොම නෑ... හැබැයි සමහර දේවල් නිසා එයා වෙනස් වුනා......"

" ඇයි වෙනස් වුනේ....."

"ම්ම්.......ඒක හෙන දිග කතාවක් අනේ.... ඔයාට අහං ඉන්න එපා වෙයි......"

" කියන්න මං අහගෙන ඉන්නේ......."

මගේ මූණට හිනාවක් ඇදුනා.... එයා කියනවා එයා අහගෙන ඉන්නම් කියලා..... අනේ මන්දා මේ මනුස්සයා නම් ඇත්තටම මැජික් කාරයෙක්ද කොහෙද....එහෙමත් නැත්නම් එයා ගිය ආත්මෙක හරි මගේ සහෝදරයෙක් වෙලා ඉන්න ඇති..... ඈත පේන මුහුද දිහා බලාගෙන හිටපු සහස් දිහා මං බලාගෙන හිටියා.... එයා බලාගෙන ඉන්නේ මං මගේ කතාව පටං ගන්නකං...ඉතිං මාත් මගෙයි නවෝද් ගෙයි කතාව එයත් එක්ක බෙදා ගන්න තීරණය කරා....

" දන්නවද අයියේ... ඉස්සර මට යාලුවෝ හිටියේ නෑ.... හිටියේ නෑ කියන්නේ මං ඒ කාවවත් වැඩිය ආෂ්‍රය කරන්න කැමති වුනේ නෑ..... මං හිටියේ තනියම.....ඒ තනිකමට මං හුඟක් ආස කලා.... හැබැයි ග්‍රේඩ් ෆෝ(ර්) වලදි මට නවෝද්ව හම්බවුනා.... ඌ මං වගෙ නෙවෙයි.... පුදුම විසයක් තිබ්බේ... මට මතකයි ඉස්සර ඕකා හැමදාම අපේ පන්තිභාර මිස්ගෙන් පුක පැලෙන්න ගුටි කනවා...."

~හීන~ [ONGOING]Where stories live. Discover now