21 වන කොටස

215 25 54
                                    

ඊයේ රෑ කොච්චර නිදා ගන්න හැදුවත් නින්ද තියා මට මගේ ඇස් දෙකවත් නිදහසේ පියාගෙන ඉන්න බැරි වුනා....මොකද බලන බලන තැන තිබුනේ ප්‍රශ්න විතරමයි... සමහර වෙලාවට මිනිස්සු හිතනවා සල්ලිකාර පවුල් වල මොන ප්‍රශ්නද කියලා... හැබැයි මං කිව්වෝත් ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි වල නෙවෙයි එකට ජීවත් වෙන මිනිස්සුන්ගේ හදවත් වල කියලා ඔය දඩ හෑලී ලිය ලිය පෝස්ට් හදන උන් ඒක පිලි ගනීවිද.... නෑ කොහෙත්ම නෑ...මොකද තුවාලේ වේදනාව දන්නේ ඒක තියෙන එකා මිසක් ඒ තුවාලෙට ඇණ ඇණ එක පාරන මනුස්සයා නෙවෙයි..... මුලු රෑම මං ඒ විදියට මගේ ජීවිතේ ගැන කල්පනා කර කර ඉන්න ඇති... එක පැත්තකින් මගේ තාත්තා...තවත් පැත්තකින් මගෙ සහස්....ඒ වගේම තමයි ඔය කොච්චර කට්ටිය හිටියත් මං නවෝද් ගැනත් හොයලා බලන්න ඕනේ...මොකද මට මොන දේ වුනත් මෙච්චර කාලෙකට කියලා මගේ ලගින් හිටියේ ඕකා විතරනේ......

ඔලුවට ආපු එක එක විකාර දෙවල් ගැන හිත හිතම මං හොස්පිට්ල් එකට එන ගමන් හිටියේ...අද සෙනසුරාදා...ඒත් සිද්ද වෙච්ච දේවල් එක්ක මට ක්ලාස් ගිහින් ඉගෙන ගන්න තරම් ඔලුවට කිසි නිදහසක් තිබුනේ නෑ... ඉතිං ඒ හින්දම මං ඒ ගැන අමතක කරලා දාලා මහිමව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිත හදා ගත්තා......

කොළඹට අද තවත් අලුත් ඉරක් පායලා... හැබැයි ඒ ලස්සන දකින්න තරම් මට ලොකු උවමනාවක් තිබුනේ නෑ... ඒ වුනාට සමහරු නම් කියනවා දුකක් කරදරයක් ආවම මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙලා ස්වභාව ධර්මය එක්ක කාලය ගත කරාම හිතට පුංචිම හරි සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා කියලා... ඒත් එහෙම කිව්වට කරදර ප්‍රශ්න ආවම මට නම් ඔය පරිසරයේ සුන්දරත්වය විද විද ඉන්න හරි අමාරුයි...මොකද ලස්සන දෙයක් දිහා බලාගෙන ඉන්න ඕනේ සන්සුන් මනසකින් මිසක් අවුල් වෙච්ච මනසකින් නෙවෙයි....

කලර් ලයිට් එක කොල පාටින් එලිය වැටෙනවත් එක්කම මං ඉස්සරහට යන්න ලෑස්ති වුනා...ඒත් නොහිතපු වෙලාවක දකුනු අත පැත්තෙන් දාපු කාලකන්නියෙක් හින්දා තව පොඩ්ඩෙන් මටත් සිද්ද වෙන්නේ මේ මහපාර මැද බල්ලෙක් වගේ මැරිලා යන්න... කලර් ලයිට් නිසා හොදයි.... හැබැයි ඒ කොහොම වුණත් ඒ බ්‍රේක් කරපු පාරට මගෙ අතින් මගේ බයික් එක ලිස්සුවා....මං හිතන්නේ ඒ වෙලාවේ තමයි මට මරණ බය කියන දේ ආයේ සුපිරියටම දැනෙන්න ඇත්තේ....

~හීන~ [ONGOING]Where stories live. Discover now