37 වන කොටස

150 24 2
                                    

නන්දා අම්මා හදලා දීපු කිරි කෝපි එකත් අරගෙන මං කෙලින්ම ආවේ එලියෙ හදලා තිබුණු ඒ සිමෙන්ති බංකුව උඩට..... අද අහසෙ හඳ පායලා තිබුනෙත් නෑ.....සමහර විට එයා එයාගේ රහස් කුමාරිකාව බලන්න ගිහින් වෙන්න ඇති....මොකද අද අමාවක රාත්‍රියක්.......හදේ පාලුව මකන්න කියලා පායලා තිබුණු පුංචි පුංචි තරු එළි ටික දිහා බලාගෙනම මං ඔහේ කල්පනා කරේ හවස නන්දා අම්මා කියපු ඒ කතාව ගැන..... තාත්තා මාස තුන හතරකට රටින් පිට යනවලු.....ඒකත් අර මොකෙක්ද ඇමතියෙක්ගෙ අලුතින් හදන්න යන කම්පැනි එකක පෞද්ගලික නීතිකඤයෙක් විදියට වැඩ බාර ගන්න....එයා මොන විදියේ දෙයක් කරගත්තත් ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නෑ..... හැබැයි අද වෙනකනුත් තාත්තා ඒ ගැන මට එක වචනයක් වත් නොකියපු එක ගැන නම් මගේ හිතේ තිබුනෙ ලොකු කලකිරීමක්....මොකද අද හවස මට නන්දා අම්මා ඒ කතාව ගැන කියලා තිබුනෙ නැත්තං එහෙම අනිද්දට තාත්තා රටින් පිට වෙනවා කියන එකවත් මං නොදැන ඉන්න ඉඩ තිබුනා.......

ගිය සදුදා අයියව හම්බුනත් හරි අද වෙනකං මං එයාව ඇහැටවත් දැක්කෙ නෑ..... වෙලාවකට මට නවෝද් එක්ක හෙන ඉරිසියයි... මොකද බැලුවොත් ඇත්තං ෆ්‍රී වෙලාවක් හම්බුනාම මහිම දවසම හිටියේ මගේ උදේනියා එක්ක... ඇරත් ඔය වාසනාව මේ මට තිබුණනම් ඉතිං මොනවා කරන්න බැරිද.........සහස් කියපු විදියට නම් එයා මේ වීක් එන්ඩ් එකේ හුගක් බීසී වෙයිලු.....එතකොට අර මාර දූතයො ටික දැන් ලක්ෂාන් අයියගෙ ගෙදරට සෙට් වෙන්න  ප්ලෑන් කරන්නේ මගේ කටුස්සව හලලද අහ්........ සමහර විට ඉරිදා නිසා එදාට එයාට එන්නත් පුලුවන් වෙවී........ හැබැයි ඉතිං අයියා එන්නෙ නැත්තං මේ මං යන්නෙත් නෑ කියලා දැනටමත් මං නවෝද්ට අනතුරු ඇඟවීමක් කරලා ඉවරයි ....

වෙන්නේ මොනවද කරන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බැරුව මං තනිකම එක්ක ඔහේ ලත වෙනකොට මගේ ෆොන් එක වයිබ්‍රේට් වෙන්න පටං ගත්තේ මේ ලෝකේ මං අහන්න කැමතිම කටහඬෙ අයිතිකාරයා එක්ක මට කතා කරන්න පුලුවන් විදියේ හොඳ අවස්ථාවක් උදා වෙද්දී......

ඉතිං මං ඒ කෝල් එකට ආන්සර් කරා....

" අයියේ......"

" කෑවද චූටී....."

සහස් මේ විදියට කතා කරනකොට මගේ මූණෙ ඇදුනු හිනාව ඇත්තටම හුගක් අව්‍යාජ හිනාවක් කියලා මට සීයට දෙසීයක්ම විශ්වාසයි.....

~හීන~ [ONGOING]Where stories live. Discover now