15 වන කොටස

273 31 2
                                    


" මුන්ට කියන කට හොදයි අම්මපා මං ගිහින් බිත්තියක උලා ගන්නවා..... "

එන එන පන්දුවට එක පාරම දඩ හයේ පාරවල් අත ඇරපු ආපේ මාමා පැය කාලකට විතර පස්සේ එයාගේ ෆොන් කට්ට පැත්තකට විසි කරනකොට එතන ඉදන්ම තිබුනේ ඉදි කට්ටක් වැටුනත් "සිලිං" ගාලා ඇහෙන තරමේ දැඩි නිෂ්ශබ්ද බාවයක් වුනත් මං බලාගෙන අපේ නැන්දත් අපි කස්ටියටම කෑ ගහන්න එපා කියන්නද කොහෙද ලාවට වගේ ඔලුව වනලා සුනාමි අනතුරු ඇඟවීම් සීනු නාද කරා.......අනේ අපි එහෙම කෑ ගහනවද කේතකී.....ඔයාටත් පිස්සුනේ ළමයෝ......

හැමෝම බඩවල් උල් වෙන්නම දෙසා බෑවා මදිවට තව අතුරුපසට ගෙනාපු අයිස්ක්‍රීම් ටින් හතරත් කුස්සියේ ඩයිනින් ටේබල් එක උඩ අඩු පාඩු මකන්න පටං ගත්තා..... අපේ රන්දිලුවා නම් කොල පාටට ෆෘට් ඇන්ඩ් නට් බාල්දියක්ම ඒකාගේ කප් එකට පුරවගන්නකොට අනේ අපේ අහිංසක නැන්දා නම් ඔය පැනි රස වලට වැඩිය ආස නැති හින්දා කෙහෙල් ගෙඩියකින් ෂේප් වුනා... ඒකටත් හරියන්න අර සෝමාලියාන් සම්භවයක් සහිත ඔස්තියෝපිතිකස් කාරයා චොක්ලටුයි වැනිලයි එකට දාගත්තා මදිවට තව අර නවෝදයගේ අයිස්ක්‍රීම් එකටත් හැන්දෙන් අනින ගමන්ම උගේ ෆෝන් එක කොට කොට සෝෆා එකෙන් ගිහින් ඉඳ ගත්තා....

ඔය කෝකටත් තෛලෙ වගේ ඉන්න මගෙ මිනිහා නම් බෙදා ගත්ත චොකලට් අයිස්ක්‍රීම් එක තමන්ගේ පාඩුවේ කන ගමන් ඔහේ සයිඩ් ගහලා මං දිහායි අයිස්ක්‍රීම් එක දිහයි මාරුවෙන් මාරුවට බල බල තපස් රකින ගමන් තමයි හිටියේ....... දැක්කනේ ඉතිං මගේ එකත් ආස මේ මං වගේම චොකලට් අයිස්ක්‍රීම් ගිලින්න තමයි.... හැබැයි පුතේ අද නම් මං වෙනසකටත් එක්ක කියලා ජාති තුනකින් අයිස්ක්‍රීම් හලාගෙන ඒක කූරු ගාන ගමන් හිටියා.....ඒකෙත් අමුතුම විදියේ ආතල් එකක් තියෙනවා....

" ඔය මොනවද රෙහාන් කරන්නේ.... මනුස්සයෙක් විදියට ඕක කාපංකෝ..... "

" ඇයි අනේ.... මෙහෙම කනකොට තමයි රස.... "

අහ් නැද්ද මං අහන්නේ.... අයිස්ක්‍රීම් කනවට වඩා ඒක කූරු ගාලා බොනකොට තමයි රස....කොහෙද ඉතින් මෙයාලා හිතන් ඉන්නෙ අලි වංසෙන්නේ.....එහෙව් එකේ මෙයාලා දන්නවද අනේ කන අයිස්ක්‍රීම් එක බොනකොට තියෙන රස.....

~හීන~ [ONGOING]Where stories live. Discover now