අතීතය
" කෝ අත දෙන්න මට.."
එයා මගෙ ඉස්සරහට දකුණු අත අරන් ආවෙ මට කතා කරන ගමන්..
එයාට නම් පොඩ්ඩක්වත් මහන්සි නැති පාටයි.ඒත් එයා වගෙ නෙවෙනෙ මං.ඉතින් මට මහන්සි.බලන් යද්දි අපේ ඩිග්‍රි එකේ මහන්සි දැණුන එකම කෙනා මං විතරයිද කොහෙද.අනිත් ඔක්කොම අපිව පහු කරන් ගොඩක් ඉස්සරහට ගිහින් ඉවරයි..මමයි එයයි හිටියෙ ගොඩක් පිටිපස්සෙන්..
මං තව ටිකක් ගල උඩ හොඳට වාඩි වුණා.මං මේ විදිහට වාඩි වෙලා හිටියත් මං මේ ඉන්නෙ හරි අනතුරුදායක තැනක.ඔයාල දන්නව ඇති.තේ වතු මැද්දෙන් යනකොට අර තේ පැළ මැද්දෙන් ගල් දාපු පොඩි පාරවල් තියෙන්නෙ.ඉතින් මං වාඩි වෙලා හිටියෙ ඒ දාපු ගල් පේළියක සාමාන්‍යයෙන් ටිකක් ලොකු ගලක් උඩ.ඒ වුණාට ඇත්තටම එතන ඉන්න එක හරිම අනතුරුදායකයි.එයත් මං ළඟටම වෙලා මන් එනකල් බලන් ඉන්නවා.
" මං නිසා සර්ටත් කරදරේ.."
ඇහෙන නෑහෙන ගානට මුමුණන ගමන් එයාට කිව්වෙ..
" පිස්සු කියවන් නැතුව එන්න දරුවෝ.."
මාව ආයෙත් නැඟිට්ටවන ගමන් එයා කීවෙ...
කොහොමින් කොහොම හරි අපි දෙන්නත් උඩටම ආවා.ඒ එද්දි අනිත් අය නම් ඇවිල්ලා මහන්සි නිවන ගමන් හිටියෙ..හැමෝම වගේ පාරෙ තැන් තැන් වල වාඩි වෙලා.. මමයි එයයි එන දිහාවට තමයි හැමෝගෙම වගේ ඇස් යොමු වෙලා තිබුණේ..ඒ කියලා මොනව කරන්නද..මුකුත් නොදන්නව වගේ මං එයා පස්සෙන්ම ආවා..
මං එක්කම ආව එයා අනිත් ලෙක්චරර්ස්ලා ඉන්න පැත්තට යද්දි මං මගේ යාළුවෝ හිටිය දිහාට යන්න වුණා..
"අඩෝ..අඩෝ..දෙව්දූ උඹ ආවෙ අර නිර්වාන් කාරයා එක්ක නේද..?"
"හ්ම්ම්.."
මං කීවෙ ඒ ගැන වැඩි තැකීමක් නොකර.
"ඌට උඹ විශේෂයි වගේ.."
"පිස්සු කියවන් නැතුව හිටපන්.."
මං ටිකක් නුරුස්සන ස්වරයෙන් කියන්නට වුණේ දැන්ම නතර කර ගත්තෙ නැත්නම් මුං මේක දිගින් දිගටම අරන් යන බව හොඳටම දන්න නිසා...
නිර්වාන්
ඇත්තටම එයා වෙනස් කෙනෙක්.ටිකක් නෙවෙ..එයා ගොඩක්ම ගොඩක් වෙනස් කෙනෙක්.හරි ආඩම්බර හැමෝගෙම හිත් ඇඳ ගන්න පර්සනැලිටියක් තිබුණ කෙනෙක්.පොඩි වයසින්ම PhD එක සම්පූර්ණ කරල හිටිය කෙනෙක්..ඉතින් ඒ වගේ කෙනෙක් මං වගේ නිකන්ම නිකන් 01st yr කෙනෙක්ට මේ වගේ හොඳින් සලකන එක ගැන ඇත්තටම හිතන්න දේවල් ගොඩක් තිබුණා..වෙලාවකට මට හිතෙනව මගේ overthinking මනස පොඩි දේත් මහා ලොකුවට අරන් හිතනවද කියලා.ඒත්..........
එහෙම නෙවේ...ඇත්තටම එතන හිතන්න මහ හුඟක් දේවල් තිබුණා...💚
YOU ARE READING
Ever Green
Non-Fictionසංසාර පුරුද්දද මේ මේ හමුවීමේ අරුමේ... හිමි නොවනා බව දැණුනත් වෙන් වීමක් නොමැතී...🖤