02

473 95 19
                                    

Field visit යන්න තෝර ගත්තු දවසෙ තිබ්බ වැරැද්දක්ද දන්නෙ නැහැ.මොකද අපි ඇවිල්ලා ටික වෙලාවක් යන්න කලින්  වහින්න පටන් ගත්තා.මුලින් මුලින් හෙමීට පොද වැටෙන්න පටන් ගත්තත් ඒ පොද වැස්ස  අකුණු ගගහ වහින මහ වැස්සක් වෙන්න මහා ලොකු වෙලාවක් ගියේ නැහැ.

ඒ වෙද්දි අපි හිටියෙ අපිට විස්තර කියල දෙන්න ආව අන්කල් නතර වෙලා හිටිය චමරියෙ.අපි එක්ක ආව Professor ඒ අන්කල්ගෙ ගොඩක් හොඳ යාළුවෙක් වුණු නිසාම වැස්ස අඩු වෙනකල් අපිට  එතන ඉන්න කියල තමයි කිව්වෙ.දන්න කියන හැම සින්දුවක්ම කියන ගමන් පැය දෙක තුනක් ගෙවා ගත්තත් වැස්ස අඩු වෙන පාටක් තිබ්බෙත් නැහැ.තවත් වෙලා අපිට මෙතන නතර වෙලා ඉන්න පුළුවන් කමකුත් තිබ්බෙ නැති නිසාම අන්තිම තීරණය වුණේ පිරිමි ළමයි දෙන්නෙක්ව අපි ආව බස් එක ළඟට යවලා හැමෝගෙම බෑග්ස් වල තිබුණ කුඩ අරන් එන්න කියන එකයි.

ඒ විදිහට පිටත් කරලා යවපු ළමයි කුඩ ටික අරන් එද්දි ළමයි දෙන්නා දෙන්නා යන්න ගියේ චමරියේ හිටිය ළමයි ගාන ටිකෙන් ටික අඩු වෙද්දි.බස් එකට යන්න කලින් මං වොෂ්රූම් එකට ගියේ ආයෙත් කැම්පස් එකට යනකල් මඟදි බස් එක නතර කරන්නෙ නැහැ කියලා කියපු නිසාමයි.මගෙ යාළුවා හංස ට මන් එනකල් එන්න කියල ගියත් මං ආයෙ එද්දි ඌ බස් එකට ගිහින් තිබුණා.

"එන්න"

මං ළඟට ආව නිර්වාන් සර් එහෙම කිව්වෙ මං යාළුවාව හොයන බව දැක්ක නිසාම වෙන්නැති.

එයා අතේ තිබ්බෙ රතු පාට කුඩයක්.ඒ රතු පාට කුඩේ සුදු පාටින් මල් වැලක් ගිහින් තිබුණා.ඉතින් මං බලන් හිටියෙ එයාගෙ අතේ තිබුණ ඒ කුඩේ දිහා.

"ලස්සනයි.."

මං බලන් උන්නු දිහාව එයාට තේරිලාමද කොහෙදෝ එයා මං දිහාවට කුඩේ දික් කරල කිව්වෙ මං ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලද්දි...

ඔව්..ඒ වෙලාවෙ එයා අතේ තිබුණෙ මගේ කුඩේ..සිද්ද වෙන දේවල් අහම්බයක්ද එහෙමත් නැත්නම් හිතලම කරන දේවල්ද කියල හිතලා මගේ හිත ඕනෑවට වඩා මහන්සි වෙලා තිබුණෙ.මොකද නිර්වාන් මං ළඟදි හැසිරෙන විදිහ අනිත් වෙලාවට එයා හැසිරෙන විදිහෙන් සෑහෙන්න වෙනස් වෙලා තිබුණා.ඒ හැම දෙයක්ම සාමාන්‍ය යි කියල හිතලා මං මගේ හිතට හැම වෙලාවෙම ඒත්තු ගන්වන්න උත්සහ කළේ එයා වගේ මනුස්සයෙක්ට විශේෂ වෙන්න තරම් මං වටින කෙනෙක් නෙවෙයි කියන දේ මට දැණුනු නිසා.

ඉතිරි වෙලා උන්නු ටික දෙනත් අපිට කලින් එළියට බහිද්දි අපි දෙන්නා අන්තිමටම චමරියෙන් ආවෙ ඒ අන්කල්ට ආයෙත් ස්තුති කරලා.

හිතන්න පුළුවන් ද? අකුණු ගගහ මහ වැස්සක් වැටෙන හවස් වරුවක..මුළු වටපිටාවම ගොම්මන් අඳුරයි වැහි අඳුරයි මුහු වෙලා තියෙන ඒ ගුප්ත ගතියත් එක්ක..කුඩයක් යටින් තමන්ට උගන්වන ලෙක්චරර් එක්ක යද්දි දැනෙන හැඟීම...මුළු කැම්පස් එකක් ඉස්සරහම සුපිරිම පර්සනැලියක් තියන් ඉන්න මනුස්සයෙක්..ළමයෙක් කතා කරන්න කලින් දෙවතාවක් තුන් වතාවක් නෙවේ ඊටත් වඩා හොඳට හිතල බලල කතා කරන එහෙව් මනුස්සයෙන් එක්ක එක කුඩයක් යටින් යද්දි දැනෙන මේ හැඟීමට මම ඇත්තෙන්ම නොසෑහෙන්න බය වුණා..!!!

ඊටත් වඩා ඒ දැනෙන හැඟීම මට හරි නුහුරුයි.අවුරුදු විසි දෙකක් වෙච්චි මගේ හිතට මීට කිසිම කාලෙක දැනිල නැති හැඟීමක් ඒ මොහොතෙදි මට දැණුනා..දැනෙන දේවල් එක්ක එයාට පොඩ්ඩක් හරි මං ළං වෙලා හිටියනම් එයාගෙන් ඈතට වෙන්න කියල මං පොඩ්ඩක් එහාට වුණේ ඇත්තටම මගේ හිත ඇතුළෙන් මටත් නොදැනෙන මොන මොනවදෝ මුමුණද් දි..

"ළඟට එන්න..."

ඒත් එක්කම මගේ ඉණ වටේ එතුනෙ එයාගෙ අත.

"ඈතට යන්න එපා.ඔයා තෙමෙයි දරුවො.."

මගේ කණ ළඟටම වගේ පහත් වෙලා එයා මුමුණද්දි මගේ මුළු ඇගේම හිරි ගඩු පිපෙන්න ගත්තෙ වැහි සීතලත් එයාගෙ උණුහුමට පරාද කරමින්.එයාගෙ හුස්ම හරිම උණුහුම්.මොහොතකට මට හිතුණා ආයෙත් මට ඒ විදිහට මොනා හරි කිව්වනම් කියලා.මොකද ඒ පොඩි මොහොතට මං එයාගෙ ඒ හුස්ම වලට ආස කළා මහ ගොඩක්...

මං එයා දිහා බලන් ඉන්නව කියන දේ ගැන තැකීමක් නොකර එයා ආයෙත් ඉස්සරහ බලන් අඩි තියන්න ගත්තෙ මගේ බැල්ම ගැන කිසිම අවධානයක් නොදෙන ගමන්.ඒත් ඒ වෙනුවට එයාගෙ දිගැටි ඇඟිලි මගේ ඉණ වටේ දඟ කරන්න පටන් අරන් තිබුණා...

Ever GreenWhere stories live. Discover now