Jungkook pov
ඊයේ රෑ උන දේ එක්ක මට පොඩ්ඩක් දුක හිතුන මන් ගැනම . මන් කවදද මේ තරම් දුර්වල වෙන්න ගත්තේ . මියනෙහ් ආමී . මන් දුර්වල වෙලා නම්
මුයුසික් වීඩියෝ එක ෆිල්ම් කරන කන් මන් ලස්සන හිනාවක් තියාගෙන හිටියා . මට තේරුනා මම සාර්තකයි කියලා ඒන්ජල් ගේ වද උන අඇස් දැක්කම . ඒත් මම මොනා කරන්න්න්ද .නේද ? මන්මනේ මේක තෝරගත්තේ ?
දවස පුරාවට ෆිල්ම් කරාට ප්ස්සේ එයාලා මට ගිෆ්ට් එක්කුත් දුන්නා birthday එක නිසා . එවෙලේ නම් මට හිනා ගියේ අඇත්තටමයි . ඔහ්.. මන් ගැන හිතන අයත් ඉන්නවා ..
මේ ටිකේම ෆෝන් එක පැත්තකට දාපු නිසා මන් කිසි දෙයක් දන්නේ නෑ . පස්සෙයි දැක්කේ යුන්ගි හ්‍යුන්ග් යන නිසා අවසාන පාරට හම්බ වෙන්න ඕනෙ කියලා . දවසක් වැඩියෙන් ඉන්න හිටියට ඒක කැන්සල් කරලා ඊලග ෆ්ලයිට් එකේ කොරියා යන්න මන් වග බලාගත්තා . ඒත් ශිට් මට ෆලයිට් එක මග හැරුනා .
ඊලග එක එනකන්ම මන් හිටියා . ඒන්ජල් පැත්තටක වෙලා හිටියා කිසි දෙයක් කතා කරේ නැ . එයා මොන මොනවදෝ හිතනවා ...
ෆෝන් එක අතට ගත්ත මන් ටික් ටොක් පැත්තේ ගියේ . ඒ අස්සේ මන් දැක්කා මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ආමිලා කරපු ලස්සන ප්‍රොජෙක්ට් . එයාලා ගොඩක් අයට උදව් වෙලා . වාහ් .මට හරි ආඩම්බරයි . ආමිලා හදපු හිනා යන එඩිට් දිහා බල බල මන් තනියම හිනා උනා . ඒන්ජලුත් ඒ වෙලේ තමා ඔලුව එබුවේ .
දැක්ක දැක්ක ඒවට ලයික් කර කර ගිහින් නැවතුනේ අමුතු දෙයක් ඉස්සරහා . ඔහ්හ් AI edit . මන් හිතුවේ අපේ කටහඩවල් විතරයි මේ විදිහට යූස් උනේ කියලා ..බැලුවම අපේ මූනූත් මෙහෙම යූස් වෙනවද . මෙහෙම ගියොත් නම් අපිට තියෙන අනන්‍යතාවය නැති වෙයි . කමක් නෑ මේවා ෆැන්ටසි වගේ නේ . ඒත් මීට වඩා නරක එඩිට් ආවොත් ..
ඒ ගැන උනන්දුවෙන් මන් ආපහු උඩ පහල ගියා ... ඔය තියෙන්නේ . අයිශ් . ආයෙමත් ?? මන් එහෙම්මම ෆෝන් එක පැත්තකින් තියලා ඔලුව තියා ගත්තා .
ඔව් මට බෑ ආමිලා වෙනස් කරන්න . මට බෑ ඒ හැමෝටම මට දැනෙන විදිහ කිය කිය වෙනස් වෙන්න කියන්න . මන් දරාගන්න උපරිම දරාගන්නම් ආමී . අවසන් වතාවට හදන්න බැරි වෙන්නම බිදෙනකන් මන් ඉවසන්නම් මුකුත්
නොකියා ...
ඔයාලට ඕනේ විදිහට මන් සින්දු කියන්නම් හැසිරෙන්නම් . ඒත් මන් එහෙම කරොත් මට මාවම නැති වෙයි ...
පැයෙන් පැය ගත වෙද්දි මන් කොරියාවලටත් ආවා . ලාවට අඇස් කොනෙන් දැක්කා ඒන්ජල් බිත්තියකත් හැප්පෙනවා . පොඩ්ඩක් හිනට්ත් ගියා මට .මන් එයාව ගනන් ගන්නේ නෑ වගේ නේද . ඒත් එහෙම නෑ .
ආපුගමන් මැනේජර් හ්‍යුන්ග් අතේ මගේ බෑග් අරවා මේවා සේරම අපාට්මන් එකට යවලා මන් ගියේ යුන්ගි හ්‍යුන්ග් බලන්න . ඒන්ජල්ටත් එන්න එපා කියලා .
අපි කතා කරා පැය ගානක් . අපි හිනා උනා පැය ගානක් . අපි සමු දුන්නා පැය ගානක් . රිදෙනවා හ්‍යුන්ග් , ලග හිටපු අය අඈත් වෙද්දි ...
සේරම ඉවර නිසා මන් මගේ සම්චොන් කෙනෙක්ව බලන්න සෝල් හොස්පිටල් එකටත් ගියා . ඔම්මා මට එයාව බලන්න කිව්වේ කලින් උනත් මට වෙලාවක් තිබුනේ නෑ .
මන් යනකොට එයා හිටියා . කැන්සර් එකක් කියලද කොහෙද කිව්වේ . පොඩි කාලේ මාත් එක්ක නිතරම සෙල්ලම් කරා මේ සම්චොන් . හහ් අන්තිමේදි මිනිස්සු ඉතිරි කරන්නේ මතක විතරයි .
මන් එයා දිහා ගොඩ වෙලාවක් බලාගෙන හිටියා . ඒත් එක දෙයක් දැක්කගෙන් පස්සේ මගේ මුලු අවදානෙම වෙන පැත්තකට ගියා . Morphine ... මේවා ඩ්‍රග් නේ . ඔහ් වේදනා නාශක විදිහට දෙනවා අඇත්තේ . මන්.. මන් හිතුවේ නෑ මෙහෙම දෙයක්
ඒත් මගේ ඔලුවට මටකවදාවත් ඕනේ නොකරපු හැගීම් ආවා .මගේ අත් එතනට අඇදිලා ගියා .මන් හිතන්නේ මන් ස්ට්‍රෙස් එකට බෙහෙත් බිව්වෙත් නෑ . මට අඇයි හිතෙන්නේ මට පේන්න තියෙන දේ හැමදේටම විසදුමක් කියලා . ඒත් ඒත් මන් මෙහෙම කරන එක හරිද .
මන් දන්නේ නෑ .මන් දන්න එකම දේ ඊලග තප්පරේදී morphine නැත්තම් මට අනවශ්‍ය උන දේ තිබ්බේ මග්වෙ සාක්කුවේ කියන එක විතරයි . ඉතින් මන් එතනින් ඉක්මනටම ගියා
.
.
.
.
..............................................................................බය වෙන්න එපා කතාව අඇතුලෙදි එයා drug ගන් නෑ . ට්‍ර්‍යි කරනවා විතරයි😅😅 ( #මටපිස්සු 😑)
YOU ARE READING
Golden | JJK
Fanfictionමමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා ඔයාලා අමතක කරනකොට , ලස්සනම හිනාවක් අස්සේ ගොඩක් විරූපී වේදනාවල් හැන්ගුවා මම ! නොකරපු දේවල් වලට දරුනු චෝදනා එද්දි රහසේම අඇඩුවා මම ... ඉතින් නිහඩව ඉවසන්නම් මම.. නැවත සැකසීමක් කරන්න බැරි වෙනතෙක්ම බිදී යනකන්...