12

127 27 23
                                    

අදත් තව දවසක් . ජන්කූක් රොබෝ කෙනෙක් වගේ වැඩ කරන . දිගට තිබුන කොන්ඩේ කපලා තියෙන එක ගොඩක් ආමිලාට නෝට් උනා ...

ඒත් එයාලා එක දෙයක් කිව්වා

ජන්කූක් වෙනස් වෙලා !!
.

අන්න ඒ වචන ටික ජන්කූක්ව ඕනවට වඩා රිද්දුවා . මොකද ඒක කොල්ලගේ වැරැද්දක් නෙවේ . අඇයි සමහර ආමිලා අවුරුදු දාසයේ ජන්කුක් ව අවුරුදු විසි හයේ ජන්කුක්ගෙනුත් බලාපොරොත්තු වෙන්නේ...

" අහ් ජන්කූක් . ඔයාට පුලුවන් නම් යාලුවෝ එක්ක ඉන්න බලන්න . හ්‍යුන්ග් ලා එක්ක බැරි නම් . සම වයසේ යාලුවෝ එක්ක ඉන්නව නම් ගොඩක් හොදයි " හිතලා හිතලා ඒන්ජල් එහෙම කිව්වා .

" ම්.. බලමු " කොල්ලා කිව්වේ එච්චරයි . අඇත්තටම කොල්ලා හිටියේ ප්‍රැක්ටිස් කරන ගමන් . ඒත් ඒ සේරම දාලා එයා වීදුරු ජනේලෙන් පහල බලන් හිටියේ .

අද එයා ගේ මිඩ්ල් ස්කූල් කාලේ එකට හිටපු යාලුවෙක් අඇක්සිඩන්ට් වෙලා කියලා දැනගන්න හම්බ වේලා . ඒත් හෙට තියෙන ශූටින්ග් නිසා ඒකට යන්න වෙන්නෙත් නෑ .

ඒක හරි අමුතුයි නේද . ඕන වෙලාවට ඕනේ තැනක යන්න බෑ කියලා තේරෙන එක . ඕන උනාට කැන්සල් කරන්න බැරි වෙන එක . එහෙම වෙනවා . තව කෙනෙක් ඔයාව මුදලටම පාවිච්චි කරනකොට .තව කෙනෙක් ඔයාටත් හැගීම් තියෙන මනුස්සයෙක් කියලා තේරුම් නොගන්නකොට

jungkook pov

හැම දේම එක පාරටම මගේ ඔලුව පුරවන්න ගන්න එක අමාරුයි . ඩයට් එක සහ ඊලග කන්සෙප්ට් ෆොටෝ වලට බොඩි එක මේන්ටේන් කරන නිසා මන් කනවා හරිම අඩුයි .

අහ් මන් වෙනස් වෙලා නේද

කලින් හ්‍යුන්ග් ලා නිතරම කියනවා මාව අඇහැරවන එක අමාරුයි ලු . ඒත් දැන් !

මට නිදා ගන්න බෑ .

කෑම අඩු නිසාම මගෙ ශරීරේ ගොඩක් දුර්වලයි . පැය ගනන් ජිම් එකෙයි ප්‍රැක්ටිස් වලයි නිසා මට සිද්ද උනා IV therapy එකක් ගන්න .

මගේ අතේ හමත් එක්ක ඒ කට්ට ගැටෙද්දි මන් බැලුවේ ඒන්ජල් ගේ මූන . එයා නිකන් මගේ ඔම්මා වගේ බය වෙලා .

ආයෙමත් මන් බලාගෙන් හිටියේ බින්දුවෙන් බිදුව වැටෙන දිහා . ඒවා සේරම මගේ අඇගට නේද යන්නේ ? . කවදාවත් නැතුව මට මහ අසරන කමක් දැනුනා .. මන් ලෙඩෙක් කියලා මට හිතුනා .මන් දුර්වලයි කියලත් හිතුනා . මන් සාදාරනයක් කරන්න ඕනේ ආමිලාට .

"idol" ඒ මම . " golden maknae " ඒත් මමමයි . ඒත් ඔයාලා දැක්කද " jeon jungguk " ව . මට එයාව මගහැරිලා කොහේ හරි ...

.
.
.
.

ඒන්ජල් කිව්ව නිසාම මන් මගේ යාලුවොන්ට කතා කරා . mingyu , eunwoo පැනගෙන ආවේ . ඒන්ජල් හරි . යාලුවෝ කියන්නේ ලොකු සැනසීමක් .

මන් ලයිව් එක්කුත් කරා . වෙනදා නැති තරම් මට නිදහසක් දැනුනා . මන් නැටුවා . අඇත්තටම පිස්සු නැටුවා . ඒන්ජල් මන් දිහා බලන් ඉන්නවා දකිද්දි වෙරි නිසාම හිනා උනාද කොහෙද . මන් හිතුවා ආමිලා ඒවා දකින එකක් නෑ කියලා . අහ් දැක්කත් ඒවා තේරුම් ගන්න එකක් නෑ කියලා .

හැබැයි මගේ හිතේ මේ ටිකේම තියෙන දෙයක් මන් කිව්වා එක කමෙන්ට් එකක් නිසා . "මගේ අඇඩ්‍රස් එක . අහ් ඒක ඔයාලා දැනටමත් දන්නවනේ " මන් අතින් ඒක කියවුනා . අහ් ආමිලාට නෝට් වෙන්න අඇති මගේ අඇස් වල තිබුන දුක .

ඒඑ දවස ලස්ස්නයි .මන් මින්ග්‍යු ගේ අකවුන්ට් එකෙන් ලයිව් එක්කට මැසේජ් කරා . CARAT ලට හායි කිව්වා ...

ආහ් ආමිලාට ජෙලස් හිතිලා . මටම හිනා ..

ඔහොම කල් යනකොට මට මගේ කොන්ඩේ තවත් කොට කරන්න උනා . චුට්ට චුට්ට කොට කරලා ඒක වැහෙන්න කැප් එක්කුත් දැම්මා . නැත්තම් ආමීලාට දුකයි නේ .ඒ වගේම ජිමින් හ්‍යුන්ග් , ටේ හ්‍යුන්ග් වගේම නම්ජූන් හ්‍යුන්ග් වත් බලන්න මන් ගියා ...

හැමදේම හොදින් උනා . ඒත් මන් තව තව හිර උනා .. යන්න ලග නිසා පර්ෆෝමන්ස් මට ගොඩක් වැඩි උනා  . අයිශ් . මෙහෙම ගියොත් මන් ස්ට්‍රෙස් එක නිසාම මොනා හරි කරගනීවී

..............................................................................

තව 3යි . ඉවරයි . මන් නිදහස්😌🌼

Yozora_08 නන්ගෝ ස්තූතීයි කවර් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yozora_08 නන්ගෝ ස්තූතීයි කවර් එකට. ඒක හරිම ලස්සනයි ❤️
🌻❤️

Golden | JJKWhere stories live. Discover now