"මට මහන්සියි ....."මම මටම කියාගත්තෙ කට බෙරි කරලා... මට ඇත්තටම මහන්සියි.. ඇඟට නෙවෙයි හිතට.. ඇස් වල කඳුලු පිරුණට අඬන්න බෑ මෙතන.. ඒත් මම කෑ ගැහුවා. මට ඕනෙ හිත නිදහස් කරන්න...
"ම්ම්... එහෙනම් එන්න මෙතනට...ඉඳගන්න ටිකක්..."
මම ඒ හඬට ගැස්සුණා.. හුරු පුරුදු හඬක්.. මම ක්ෂණික ඔලුව හරවල බැලුවෙ හිත මුමුණපු ඒ නම නිසා.. මගේ ඇස් බෝල උනෙ බෙන්ච් එකක වාඩි වෙලා මම දිහා බලාගෙන හිනාවෙන ඩීම්පල් එක්ක ලස්සන හිනාවක් තියෙන ජූන් එතන ඉන්නවා දැක්කම... මම මෙතනට එද්දි කවුරුත් හිටියෙ නෑ..
" ඒ...හ් ?"
"එන්න.. ඔයාට මහන්සියි නේද... එන්න මෙතනට වාඩි වෙන්න... මහන්සි අරින්න.. තව ඔයාට යන්න ගොඩක් දුර,තියනවනේ... "
ජූන්... මම කියන විදිහට ආර් එම්... එයා මට එහෙම කියද්දි ඇස් වල කඳුලු ඉබේම මතු උනා.. මම ඇවිදගෙන ගිහින් බෙන්ච් එකෙන් ඉඳගත්තා ජූන් ගාවින්ම... හිතේ පුදුමෙ නම් ඒ එකකින්වත් අඩු උනේ නෑ...
" ඔයා ආස සිංදුවක් අහමු.."
" හා.. මං ආස ඔයාගෙ වයිල්ඩ් ෆ්ලවර් එකට.. ඒකෙ මගේ හිත හැංගිලා තියෙන්නෙ.."
" ඔයා ආස නම් අහමු... ආ. මේක ගහගන්නකො කනේ.."
" කුමාවෝ.. ජූන්"
"අනීඉඉයෝ..."
මම ජූන් දුන්න ඉයර් බඩ් එක කනේ ගහගෙන පුදුම වෙන එක අතෑරලා.. බෙන්ච් එකට හේත්තු උනා.. ඊළඟට ගෙවුණ විනාඩි ගාන.. මගේ හිත වෙනස්ම භැඟීමකින් පිරුණා.. හරියට මගේ හිතේ හිර වෙච්ච හැමදේම ජූන් ගෙ කටහඬින් පිට උනා වගේ.. මහන්සි ගතිය කොහේ ගියාද නෑ. මම ඇස් ඇරියෙ සිංදුව ඉවර උන නිසාම..
" වැස්සා නම් ෆෝරෙවර් රේන් අහන්න තිබුණා.."
මට කියවුණා.. බයිසිකල්... මූන් චයිල්ඩ්.. ලෝන්ලි.. ස්ටිල් ලයිෆ්... ඒ සේරමත් අහන්න මට හිතුණා.. සේරටම වඩා ෆෝරෙවර් රේන්...
" වහිනකොට විතරද අහන්නෙ ඒක..?"
හිතම හීරිලා යන ඩිම්පල් හිනාව දාලා ජූන් මගෙන් ඇහුවා..
" නෑඈඈඈ.. ඒක ලස්සනටම මට දැනෙන්නෙ එහෙම අහද්දි... ඒකයි. "
ආයෙ කඳුලු පිරෙනවා ඇස් වලට... ඒත් හිත නිදහස්..
YOU ARE READING
💜BTS💜 💜 Fictional Short Stories Series 💜
Fiksi PenggemarWill you stay? Will you stay? I want to catch the passing time with me 흘러가는 저 시간 잡아두고 싶어 with me Will you go? (Will you go? Oh) Will you go? (Will you go? Oh) What kind of face is he standing with? (Ah, ah) 어떤 얼굴을 하고 서 있을까? (Ah, ah) Dawns I can't re...