PROLOGUE

71 9 3
                                    


දුක්බර අවසාන හැමෝටම ලැබෙනවා. ඒකයි මිනිසුන් අවසානයත් තවත් එක ආරම්භයක් කළේ. ඒත් ආරම්භයත් කෙළවර වන්නේ අවසානයකින්. එනිසා එය අපව පටලවන විජ්ජාවක්දෝ කියා සිතෙනවා.

කිම් ටේහ්යොන්ග්, තවත් එක ආදරණීය මනුස්සයෙක්. පුද්ගලයෙකුට ආදරේ කරන්න පුළුවන් තරමටත් වඩා ඔහු කෙනෙක්ට ආදරේ කළා. තමන් ආදරේ කරපු තරුණිය වෙන කෙනෙකුට අයිති වෙලා දැන් අවුරුද්දකටත් වඩා කාලයක් ගත වුවත් ඔහුට තවමත් නොහැකි වූවා තවත් කෙනෙක්ට ආදරය කරන්න. මොකද තවමත් ප්‍රකාශ නොකළ ආදරයක් ඔහු සතුයි. දැනෙන හැගීම් සගවන්න හරි අපහසුයි. නමුත් එයින් ඔබට වටිනාම කෙනෙකුට දුකක් ඇති කරන්නෙ නැත්නම්?

හේමන්ත කාලෙ අලුත් දවසක ටේ එළියට ගියේ ඇවිදින්නයි. සියෝ, ඔහු ඒ ආදරය කරපු තරුණිය ජියෝන් ජන්ග්කුක් සමග විවාහ වෙද්දි ඔහු ඒ උත්සවයටත් ආවා. එතරම්ම ඔහු ශක්තිමත් වුනේ කොහොමද කියන්න සිතන්නට වත් බැහැ.

ලස්සනට හේමන්ත නිවාඩුව පොඩි ළමුන් ආසාවෙන් භුක්ති වින්දා. මිනිසුන් ගොඩක් දෙනා සතුටින් පාරවල් හරහා ඇවිද ගියා. ඇත්තටම බැලූ බැල්මට ඒ මිනිස්සු ඒ මොහොතේ සතුටින් ගත කළා. ඒ මිනිස්සු අතරින්ම ටේ ඉදිරියට ගියේ ගස් වල කොළ පොළොව සිප ගනිද්දියි.

ටේගෙ ස්වරූපය ලස්සන සරල එකක් වුනා. දුඹුරු පාට කලිසමට සුදු පාට ශර්ට් එක යට කරලා දණහිස් ගාවට දිග දුඹුරු පාටම කබායකින් සැරසුණු, උස, කොණ්ඩෙ අවුල් වුනු තරුණයා කිව්වොත් ඔහුව හොදින්ම අදුරගන්න පුළුවන්. ඔහුගෙ මුහුණේ තිබුනෙ සිහින් හිනාවක් කාටද ඒ පරිසරය දැක්කම සතුටක් නොදැනෙන්නේ?

ටේ ඉදිරියට යද්දි ඔහුට හමු වෙන්නෙ හුරුපුරුදු කෙනෙක්. ක්ශනයකින් ඔහුගෙ මුහුණේ සිනාව නැති වී යනවා. පාර අයිනෙ හිටපු සියෝ පාරෙ අනිත් පැත්තෙ හිටපු ජන්ගුක්ට අත වැනුවෙ පිරුණු හිනාවක් ඇයගෙ මුහුණේ රදවගෙන. ටේ මෙදෙස බලන් සිටියේ සංවේගයකින්, තමන් ආදරය කරන තරුණිය වෙනකෙකු වෙතට යෑම ලේසි පහසු දෙයක් නොවේ. එහෙහ් එසැනින් ඔහුගෙ මුහුණට යළිත් සිනාවක් එන්නෙ තමන් නැති වුවත් සියෝ සතුටින් සිටීම නිසයි.

මොහොතකින් සියෝ පාර හරහා පනින්නෙ ජන්ගුක් දෙස බලන්මයි. සියෝත් ඒ මොහොතේ සතුටින් ජීවත් වූවා. නමුත් ටේ දුටුවේ සියෝ දෙසට වේගයෙන් පැමිණෙන ට්‍රක් රථයකුයි. ඇයගෙ මේ නොසැලකිල්ල පිළිබඳව ටේ හොදින්ම දැන සිටියා.



 ඇයගෙ මේ නොසැලකිල්ල පිළිබඳව ටේ හොදින්ම දැන සිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.





___________________________________________

මේක ලියන්න මම පටන් ගන්නෙ මෑතකදි මට විදින්න ලැබුනු අද්දැකීමක් නිසා ඒ මොකක්ද කියල කියන්න ඔනෙ නෑනෙ..ම්ම්.. ඒක අමුතු හැගීමක් මොහොතක් තත්පර ගාණක් යනකම් මට කිසිම දෙයක් මොන විදිහෙ දෙයක් වත් මතක් වුණේ නෑ.. ඒත් ඒ මොහොතට පස්සෙ මට හිතුනු එකම දේ මම නැගිටින්න ඔනියි කියන එක විතරයි..පුදුමෙකට වගේ කවුරුත්ම එවලෙ මගෙ හිතට ආවෙ නෑ..

මේක ගොඩක් දුරට වෙනස් කතාවක් වෙයි මොකද මන් මේක ලියන්නෙ වෙනස්ම විදිහකට නිසා..

ඔය කිව්වට මට පළවෙනි චැප්ටර් එකෙන්ම මොන නඩු වැටෙයිද දන්නෑ.. කමක් නෑ අපි එන විදිහට බලමු නේද..;-)

Bad Liar ‍|| KTH ✔Where stories live. Discover now